Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්.....

 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්.....

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කිරීම සහ අදාල වැරදි සිදුකර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පැමිණිලි කර ඇත.

 එම පැමිණිල්ල මගින් වර්ෂ 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කරන ලද බව දක්වා ඇත. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා හත් දෙනෙකු විසින් ඒකමතිකව තීරණය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව දක්වා ඇති බවත් එසේ තිබියදී එකී ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයට පටහැනි වන ආකාරයට සහ එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝණය වන ආකාරයට නැවත වර්ෂ 2015 දී ද දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා වෙත පෙන්වා දී ඇත.

 වර්ෂ 2002 දී ඉදිරිපත් කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ලබා දුන් තීරණයට පටහැනිව වර්ෂ 2015 දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රියා කිරීම සදහා එකී 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කෙටුම්පත් කර ඇති බවත් පැමිණිල්ල මගින් දක්වා ඇත.

වර්ෂ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කෙටුම්පත් කිරීමට සම්බන්ධව වූ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ නීතියට ගරු කිරීමේ සිය යුතුකම ඉටුකර නැති අතර, නීතිය දැන දැනත් එය උල්ලංඝනය කරමින් පුරවැසියන්ව රැවටීමට ලක්කර ඇති බවත්නීතියෙන් ලැබී ඇති බලය සැළසුම් සහගතව අවභාවිත කර ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ නීතියට අනුගත නොවී පනත් කෙටුම්පත් සකස් කිරීම, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වීම මගින් පොදු දේපල අවභාවිත කර ඇති බවත්, වැරදි කර ඇති බවත්, අනුබල දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අදාල සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.

 පොලිස්පති වෙත යොමු කළ පැමිණිල්ලේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකම්, කතානායක පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් දයා සෙනරත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්, නීති කෙටුම්පත් සම්පාදක සහ නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ.





Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...