Skip to main content

20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැද්ද? විනිශ්චිත කරුණ යන නීතිය නොදැන කටයුතු කළාද?

20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැද්ද? 

විනිශ්චිත කරුණ යන නීතිය නොදැන කටයුතු කළාද?

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ 

2020.09.06


Res judicata (RJ)  ලතින් පාඨය  "a matter decided" කියා ඉංග්‍රීසියෙන් දක්වයි. "විනිශ්චිත කරුණ" යනුවෙන් හදුන්වන මෙම නීති සිද්ධාන්තය මගින් විස්තර කෙරෙන්නේ එකම පාර්ශවයන් අතර යම් කරුණක් සම්බන්ධයෙන් නිසි අධිකරණයක් විසින් විභාගයක් පවත්වා තීරණයක් දුන් පසු ඒ පිළිබද නැවත නඩු විභාගයක් පවත්වන්නේ නැත යන්නයි. ඒ අනුව නඩු නිමිත්තකට නඩුවක් විමසා අවසන් කර එම පාර්ශවයන් අතර එම නඩු නිමිත්තටම නැවත නඩුවක් පවත්වාගෙන යාමක් සිදු නොවේ.

මෙහිදී සළකා බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චයක් ලබා දී ඇත්තේද? යන්නයි. වර්ෂ 2002 දී 19 වන ආණ්ඩුක්‍රම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනෙක් විසින් ඒ පිළිබඳ ඒකමතික තීරණයක් ලබා දී ඇත. එකී තීරණයට අනුව කටයුතු කිරීමේ වගකීමක් නීති වෙත දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියලුම ආයතන වලත්, රජයේ සේවකයන්, පාර්ලිමේන්තුව ඇතුලු සියලු පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත යුතුකමයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 33.2.(ඈ) අනුව්‍යවස්ථාව අනුව 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවාහැරි අවස්ථාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය 2018.12.13 දින තීන්දු (Judgement) කරන ලද්දේ 70.1 ව්‍යවස්ථව අනුව වසර 4 1/2 ක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි බවයි.

ජනාධිපතිවරයා වසර 4 1/2  කට පෙර පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය වී ඇති බවත් වෙනත් ව්‍යවස්ථා එනම් 33.2.(ඈ) අනුව්‍යවස්ථාව අභිබවා 70.1 අනුව්‍යවස්ථාව බලවත් බවත් තහවුරු වූ අතර, ඒ අනුව පැහැදිලිවම 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනාගේ තීරණය අනුව ජනමතවිචාරණයක් නොපවත්වාම 2015 දී, 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනා ලබාදුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015 දී 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2 දක්වා සීමාකර ඇත. 

(80.3 ව්‍යවස්ථාව අනුව අවස්ථාවෝචිතව ජනාධිපතිවරයා 2015 දී 19යට සහතිකය යොදා නැති හෙයින් 19ය මේ දක්වා නීතියක් නොවන බව, ලියුම්කරුගේ අදහස වුවත් මේ වනවිට එය නීතියක් ලෙස සළකා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පවා ඉදිරිපත් කර ඇත)

2015 නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රධානීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු නොකර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය වන අකාරයට එවකට පාර්ලිමේන්තුවට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට,  රජයට සහ කථානායකවරයාට උපදෙස් දීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.

කෙසේ වෙතත් 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් සනාථ වන්නේ 70.1 ව්‍යවස්ථාව වසර 4 1/2 ක් දක්වා සංශෝධනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ද පිළිගෙන ඇති බව වන අතර රජය විසින්ද එය පිළිගෙන විසිවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර වසර 4 1/2 සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

එය වඩාත් හොදින් තහවුරු වන්නේ යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය මගින් 70.1 ව්‍යවස්ථාව  සංශෝධනය කර වසර 4 1/2 නැවත වසර දක්වා සංශෝධනය කිරීමට  යෝජනා කිරීමෙනි.

දැන් පැන නගින ගැටලුව වන්නේ, 2002 දී 19යට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් සහ ජනමතවිචාරණයක් නොපවත්වා 2020 ඉදිරිපත් කරන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කෙසේද? යන්නයි. ( අඩු කරන්නේ කෙසේද? යන්නයි)

2015 දී ජනමතවිචාරණයක් නොපවත්වා 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහාය දීමෙන් මෙන්ම 2020 දී ද නැවත ජනමතවිචාරණයක් නොපවත්වා 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහාය දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීමෙන් බැහැරව ක්‍රියා කිරීමකි.

මේ ආකාරයට දිගින් දිගටම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගියහොත් නීතියේ පාලනය යන්න විහිලුවක් වනවා මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නොතකන පාලනයට ජනතාවට යටත්වීමටද සිදුවේ.

2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් ජනමතවිචාරණයක් නොපවත්වා

70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට සහාය දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරයට කර ඇති බලවත් අභියෝගයකි. එය පැහැදිලිවම නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නීතිඥවරුන්ගේ වෘත්තීය විෂමාචාරයකි. 

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබද අවධානය යොමු නොකර, රජයට නිවැරදි උපදෙස් ලබාදීමෙන් බැහැරවයාමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ අනතුර/ වරද සිදුකරගෙන ඇත. 

එමෙන්ම 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීතිවලට අනුගතව 3, 15, 18, 18(අ), 51, 62 රීතිවලින් දක්වා ඇති වෘත්තීයට අදාල විනය සහ ආචාර රීතිවලින් බැහැරව යමින් රජයට නිසි උපදෙස් ලබා දීමටද ඔවුන් ක්‍රියා කර නැති අතර විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු 2002 දී ලබා දී ඇති ඒකමතික තීරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව හෝ රජය දැනුවත් කර නැති අතර මෙය බලවත් වෘත්තීය විෂමාචාරයකි.

නීතියේ පාලනය යනු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කිරීමද ඇතුලත් වේ.

ඒ අනුව 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී ජනාධිපතිවරයාට සහ රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ අධිකාරයට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැත්තේ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු ලබා දී ඇති ඒකමතික තීරණය පිළිබද අවධානය යොමු නොකර උපදෙස් ලබා දීමෙනි.

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට පත්වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු හෝ ඊට වැඩි විනිශ්චය පීඨයක් ඉදිරියේ මේ නීතිමය තත්ත්වය අභියෝගයට පත්වීමට ඉඩ ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණය ( 20th Amendment Determination) ලංකාවේ නීතියේ පාලනයේ කැඩපත වනු ඇත.

arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...