2021 ජූලි 20 දින ජනාධිපතිට බාර දුන් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව නිර්දේශ ඉදිරිපත් කර තිබේද?
2021 ජූලි 20 දින ජනාධිපතිට බාර දුන්
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව නිර්දේශ ඉදිරිපත් කර තිබේද?
"මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සභා කමිටුවල තීරණ ඇගයීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා අතුරු වාර්තාව" 2021.07.20 දින ජනාධිපතිවරයාට බාර දී ඇති අතර එහි නිර්දේශ පිළිබඳව විස්තරයක් ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.07.21දින දක්වා ඇති කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12, 14,18, 23, 24 සහ 105.4 ව්‍යවස්ථා සමග ගැටේ. එම ව්‍යවස්ථා පිළිබඳ අවධානය යොමු නොකර වාර්තාව ඉදිරිපත් කර ඇති බව පෙනේ.
එමගින් ජාතික ආරක්ෂාව, ජාතික සමගිය පෝෂණය කිරීම, ධර්මිෂ්ඨ සහ සාධාරණ ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමටත්, ආගමික නිදහසත්, නීතියේ රැකවරණයත් බිඳ වැටෙන තත්ත්වයක් ඇති වේ.
https://m.facebook.com/story.php?story_fbid=1961480987350540&id=437355006429820
මෙම කොමිසමේ සාමාජිකයන් වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීන් ය.
(මේ පිළිබ්ඳ විස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න)
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකථන 0342256066/ 0712063394/ 0786016161
(2021.07.21)
Comments
Post a Comment