Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7ක් ඇති කොරෝනා පනතට ලබා දුන් 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දී පොදු ජන අයිතිය රකින්න...! එම නඩුවේ පෙත්සම්කරුගෙන් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්...

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7ක් ඇති කොරෝනා පනතට ලබා දුන් 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දී පොදු ජන අයිතිය රකින්න...! එම නඩුවේ පෙත්සම්කරුගෙන් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්... නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කරමු... 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ජනමත විචාරණයක් නියම කළ කොරෝනා පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබාගෙන නිදහස් අධ්‍යාපනයට, රටේ ස්වාධීනත්වයට, ආගමික නිදහසට, ජනතා පරමාධිපත්‍යයට, ඩිජිටල් නෛතික නිදහසට වන බලපෑම කියවමු.... කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කියවා ගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණද? එකී පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ඉතා කෙටි පැහැදිලි කිරීමක් කතානායකවරයා 2021 ජූලි 06 දින පාර්ලිමේන්තුවේදී කළ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර නැති අතර එය ඉංගරීසි භාෂාවෙන් පමණක් ඇතුලත් කර ඇත. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4, 9 ව්‍යවස්ථා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III සහ IV පරිච්චේදවලට පටහැනි අතර 2006 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතටද පටහැනි වේ. සිංහල භාෂාවෙන්ද එම තීරණය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුල් කළහොත් බහුතර ජනතාවටද එය කියවාගත හැකියි. ඒ සම්බන්ධයෙන් අවබෝධය ලැබිය හැකිය. ඉංග්‍රීසි භාෂාව වැරදි ලෙස යොදාගෙන නීති විරෝධි වැඩ කරන කිහිප දෙනෙක් විසින් ජනතාවට සිංහල භාෂාවෙන් තොරතුරු ලබා නොදී සිදුකරන වැරදි ක්‍රියාදාමයන් පාලනය කිරීමට ජනතාවගේ පරමාධිපත්‍යයට වැදගත් වන ශ්‍රේස්ඨාධිකරණ තීන්දු සහ තීරණ සිංහල භාෂාවෙන් ලබා දීම පාර්ලිමේන්තුවේ යුතුකමකි, වගකීමකි. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ඉංග්‍රීසි භාෂාව දන්නා අයගේ මුදලින් පමණක් මුද්‍රණය කරන වාර්තාවක් නොවේ. එය පොදු ජනතාවගේ මුදලින් මුද්‍රණය කරන වාර්තාවකි. කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස එම නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ පොදු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් රැකීම සඳහාය. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් ගේ යුතුකමකි. ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන වගන්ති 7ක් ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පනණක් පළ කර ඇති අතර එය බහුතර ජනතාවට කියවීම සඳහා සිංහල භාෂාවෙන් ලබා දෙනු ඇති බව අපේක්ෂා කරමු. නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු සැගවීම නතර කිරීමටත්, කොරෝනා පනතෙන් නිදහස් අධ්‍යාපනයට, රටේ ස්වාධීනත්වයට, ආගමික නිදහසට, ජනතා පරමාධිපත්‍යයට, ඩිජිටල් නෛතික නිදහසට වන බලපෑම කියවීමටත් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා ගැනීම වැදගත් වේ. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති එම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ලේකම් රාජ්‍ය භාෂා කොමසාරිස් සහ නීතිපති වෙතද යොමු කර ඇත. ඉල්ලීම පහත දැක්වේ.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය