Skip to main content

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!
පහත දැක්වෙන්නේ එම ඉල්ලීමයි. (විද්‍යුත් තැපෑලෙන්/ අතින්/ ලි.ප.තැ) කථානයක කාර්යාලයේ තොරතුරු නිලධාරී, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1) 2021 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවූ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට එරෙහිව මා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලිඛිත පෙත්සමක් මගින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ අතර (SC/ SD/ 24/ 2021) ගරු කථානායකතුමා වෙත එකී පෙත්සම ලැබී ඇති බව 2021 ජූනි 22 දින ගරු පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. 2) 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව සහ එකී තීරණය අනුව එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව තීරණය කර ඇති බව වෙනත් කරුණු අතර ප්‍රකාශ කළ අතර, එකී තීරණය 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණයෙන් ඇතුලත් කර ඇති අතර සිංහල භාෂාවෙන් එකී තීරණය හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් පෙත්සම්කරුගේත්, ජනතාවගේත් අයිතිවාසිකම් අහිමි කර ඇත. 3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.(ඇ), 4.(ඈ) සහ 9වන ව්‍යවස්ථා සහ III සහ IV පරිච්චේදවල සහ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකර හෝ සිංහල භාෂාවෙන් ලබා නොදී එකී පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි පියවර ගැනීම ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකර කාරණයක් බවත්, එකි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර ගැනීමට හෝ සිංහල භාෂාවෙන් ලබා ගැනීමට පෙත්සම්කරුවන මා වෙත අයිතිය ඇති බව දැනුම් දෙමි. 4) එසේ හෙයින් 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ පළ කර ඇති 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, (අත්සන් කළේ) අරුණ ලක්සිරි උණවටුන (SC/ SD/ 24/ 2021 - පෙත්සම්කරු) පිටපත් 1) ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. 2) පාර්ලිමේන්තුවේ මහ ලේකම්,පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. 3) තොරතුරු නිලධාරී, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. 4) ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12. 5.) සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය. 6) රාජ්‍ය භාෂා කොමසාරිස්, භාෂා මන්දිරය"",අංක 341/7,කෝට්ටේ පාර, රාජගිරිය. 7) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12. [මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/ 0712063394/ 0786016161]

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...