වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!
වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති
කොරෝනා පනත් කෙටුම්පතේ
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!
2021 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවූ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලිඛිත පෙත්සමක් මගින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෙත ලැබී ඇති බව සහ එකී තීරණය අනුව එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව තීරණය කර ඇති බවත් ඉල්ලීමේ දක්වා ඇත.
එකී තීරණය 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණයෙන් ඇතුලත් කර තිබුණද සිංහල භාෂාවෙන් එකී තීරණය හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් පෙත්සම්කරුගේත්, ජනතාවගේත් අයිතිවාසිකම් අහිමි කර ඇති බව වැඩි දුරටත් සඳහන් කර ඇත..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.(ඇ), 4.(ඈ) සහ 9වන ව්‍යවස්ථා සහ III සහ IV පරිච්චේදවල සහ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකර හෝ සිංහල භාෂාවෙන් ලබා නොදී එකී පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි පියවර ගැනීම ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකර කාරණයක් බවත්, එකි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර ගැනීමට හෝ සිංහල භාෂාවෙන් ලබා ගැනීමට පෙත්සම්කරුට අයිතිය ඇති බව එම ඉල්ලීමෙන් දැනුම් දී ඇත.
එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙසත් පෙත්සම්කාර අරුණ ලක්සිරි උණවටුන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ලේකම් රාජ්‍ය භාෂා කොමසාරිස් සහ නීතිපති වෙතද යොමු කර ඇත.
ඉල්ලීම පහත දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ මුල් පිටුව
[මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකථන 0342256066/ 0712063394/ 0786016161]
Comments
Post a Comment