Skip to main content

නිදහස් අධ්‍යාපනයට නෛතික බලපෑම් එල්ල කරන්නේ කොතලාවල පනතෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතෙන්ද?

නිදහස් අධ්‍යාපනයට නෛතික බලපෑම් එල්ල කරන්නේ කොතලාවල පනතෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතෙන්ද?
කොතලාවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණීම (ගෙනාවේ 20න් පත් වූ වලංගු ඇමතිවරයෙක්ද?)
විදෙස් අධ්‍යාපන ආයතන ගිවිසුම් එන්නේ කොතලාවල පනතෙන්ද? කොරෝනා පනතෙන්ද? නිදහස් අධ්‍යාපනයට එරෙහි විදෙස් ගිවිසුම්වලට එළඹීමට අධිකරණ ඇමතිට බලය පැවරීම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? කොරෝනා අවසන්වීම අද නොවේ හෙටද? බාලගිරි දෝෂය වගේද? කොරෝනාවෙන් ආවරණය ලබා අධ්‍යාපන නීතිවල අයිතිය තනි ඇමතිවරයෙකුට පැවරීම ප්‍රජාතන්ත්‍රවාදයද? විදෙස් නීති/ අධ්‍යාපන නීති ගෙන ඒමට යෝජනා කර තිබූ කොරෝනා පනතට එරෙහිව එක් පුරවැසියෙක් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ අභියෝග කළ අතර එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව තීරණය කර ඇති අතර එකී තීරණය සඳහා 2021.07.06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න) නිදහස් අධ්‍යාපනයට වින කටින්නේ කොතලාවල පනතද?  ශ්‍රේෂ්ඨාධිකරණය ව්සින් ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතද? කොරෝනාවට මුවා වී අධ්‍යාපනයේ නීතිය විදෙස්වලට, අධිකරණ ඇමතිට ලබා දීම හරිද? කොතලාවල පනත් කෙටුම්පත 2021 මාර්තු 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් වූ ඇමතිවරයෙක්ද යන්න පිළිබඳ අදහසක් කොතලාවල පනතට එරෙහි විරෝධතාකරුවන්ට තිබේද? [19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1.(3) වන වගන්තිය මෙන් විධිවිධානයක් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන්ට නැත. ඒ නිසා 53  ව්‍යවස්ථාව අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන් අලුතින් පත් විය යුතුය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ 58 වගන්තිය අනුව (අන්තර්කාලීන විධිවිධානය) වඩාත් පැහැදිලි වේ. එනම් එතෙක් ධූර දැරූ විනිසුරුවරුන් සහ ස්වාධීන කොමිසන් සභා සාමාජිකයන්ට අලුතෙන් පත් නොවී දිගටම 20 යටතේත් ධූර දැරීමට අන්තර්කාලීන විධිවිධානයක් පැවතියද, අමාත්‍යවරුන්ට අදාලව එවැනි විධිවිධානයක් 53 ව්‍යවස්ථාව අනුව නැත.] කොතලාවල පනත් කෙටුම්පත 2021.03.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නිදහස් අධ්‍යාපනයේ දෘරුවන්ගේ න්‍යායාචාරීන් මේ කරන විරෝධතා එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කළාද යන්න හෘදය සාක්ෂියෙන් විමසිය යුතුය. කොරෝනා පනත් කෙටුම්පතෙන් නිදහස් අධ්‍යාපනයට වන අයුතු බලපෑම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ අධ්‍යයනය කළ යුතුයි. කොතලාවල පනතට මුවා වී කොරෝනා පනතෙන් ගේන විදෙස් ගිවිසුම් ගැන නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට අවබෝධයක් ලබා ගැනීමට 2021.07.06 හැන්සාඩ් වාර්තාවේ ඇති කොරෝනා පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවන ලෙස ඇරයුම් කරන අතර එකී නඩුවේ පෙත්සම්කරු 2021.07.22 දිනැතිව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ මහජනතාවට එකී තීරණය කියවීම සඳහා සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසය. කොතලාවල පනත පෙන්වා ජනතාව විරෝධතා සඳහා යොමු කර කොරෝනා පනත ගෙනවිත් අධ්‍යාපන විදෙස් ගිවිසුම් මගින් අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම නංගී පෙන්වා අක්කා දීග දීමක්ද? ඉගුරු දීල මිරිස් ගැනීමක්ද? වක්කඩේ හකුරු හැගුවා වගේද? යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය. (මතු සම්බන්ධයි) [මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/ 0712063394/ 0786016161]

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය