Skip to main content

කිහිප දෙනෙකුගේ පාවාදීම් මත ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට ඉඩ දිය යුතු නැත....!

කිහිප දෙනෙකුගේ පාවාදීම් මත ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට ඉඩ දිය යුතු නැත....!
කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නීතීඥ සංගමයේ ඉහළ නිලතල දරන අයට එය නොපෙනීම නීතියේ පාලනයට බලවත් අනතුරකි. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉහළ නිලතල දරණ අය ග්‍රහණයට ගෙන ඇති බව පැහැදීලි වන්නේ 2020.07.12 දින ස්වර්ණවාහිනී "ඉර" වැඩසටහනට සහභාගී වෙමින් නීතීඥ සංගමය කොරෝනා පනතට සහාය දුන් බව ප්‍රසිද්ධියේ පැවසීමෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමෙනි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම පුරවැසියන්ගේ අයිතියකි, වගකීමකි, යුතුකමකි. [1. කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව කොරෝනා පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 2021.07.06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බලන්න... 2. කොරෝනා පනත අභියෝග කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ පැමිණිලි කර ඇත] මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394 (2021.07.17)

Comments

  1. Aruna you are absolutely correct. This man Ali Sabry must go. There is no second word about it.
    Firstly he is a liar and a schemer against the Sinhala nation.
    Secondly he is not a representative of the people AS SUCH as he is only an appointed stooge of the President who is only responsible for the President who has appointed him to Parliament violating the fundamental principle of representative democracy. There for not only Ali Sabry should go but also the whole so-called National list list should go. If the President is not prepared to abolish this list then he is also not fit to Head a Government in a democratic country.
    Sending these parsite 29 MPP home is simple. Just bring an amendment tot he constitution to abolish it by changing the constitution. If the Opposition disagrees then they also should go home as these idiots are also nt fit at all to form a Government in this country.
    Sudath G

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය