Skip to main content

දේශීය ඖෂධ මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා එන්නත ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දේශීය ඖෂධ මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා එන්නත ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
(2021.08.15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව HRCSL – ප්‍රධාන කාර්යාලය, අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත කොළඹ 4. sechrcsl@gmail.com ගරු ලේකම්, ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරද්දී කෝවිඩ් එන්නත ලබා නොගන්නා අයට වෙනස්කම් කිරීමේ/ බලහත්කාරකම් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම / තැත්කිරීම සම්බන්ධවයි. 1.) කෝවිඩ් එන්නත් සාමාන්‍ය භාවිතය සඳහා නිර්දේශ කර නැති අතර අත්හදා බැලීමේ පරීක්ෂණ තත්ත්වයේ පවතින අතර ලෝකයේ රටවල් අතර එකගතාවයක්ද නැත. 2.) කෝවිඩ් එන්නත ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දායකවන බව දක්වා තිබෙනවා මිස රෝගය වැළදීමෙන් ආරක්ෂා කරන්නේ හෝ වෛරස විනාශ කරන්නේ නැත. 3.) ප්‍රතිශක්තියට බලපාන රෝග වලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග දේශීය වෛද්‍ය ක්‍රමවල ඇති බව වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇත. 4.) ප්‍රතිශක්තිය අඩු කරන ආහාර සහ ඖෂධ ගන්නා අය ආරක්ෂා කිරීම සඳහා සීමා කිරීම් හෝ ඔවුන්ගෙන් අන් අයට වෛරස පැතිරීම වැළැක්වීමට සීමා පනවා නැත. 5.) එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලීසිය, හමුදාව එක් වී සාමාන්‍ය භාවිතය සඳහා අනුමත නොකළ එන්නත් බලහත්කාරයෙන් එන්නත් කරවීමට සහ එන්නත් විදීම ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට/ බලහත්කාරය පෑමට සූදානම් වේ. 6) නිරෝධායන රෙගුලාසි නිකුත් කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 ව්‍යවස්ථාව යටතේ පත් වූ සෞඛ්‍ය ඇමතිවරයෙකු මේ දක්වා පත් කර නැති තත්ත්වයක සහ ආයුර්වේද පනත ක්‍රියාත්මක වෙද්දී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කෝවිඩ් එන්නත ලබා නොගන්නා අයට වෙනස්කම් කිරීම / බලහත්කාරය පෑම / තැත්කිරීම වැරදි වේ. 7) ප්‍රතිශක්තියට අදාල රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග තෝරා ගන්නා තැනැත්තන් ඉන් වැළැක්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289, 298 වගන්ති යටතේද වැරදි වේ. 8) තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දේශීය ක්‍රම භාවිතා කරන තැනැත්තන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් සළසා ඇති රැකවරණය අහිමි නොකරන ලෙසත්, මූලික අයිතිවාසිකම් අහිමි කරන / තැත්කරන පහත සඳහන් අය කැදවා පරීක්ෂා කර ඔවුන් ඉන් වළක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13.1,14.1.ඉ, ඊ, උ, ඌ යටතේ වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිමි. 9) මෙම පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ සාක්ෂිකරුවන් සහ ලේඛන ඉදිරිපත් කරමි. වගඋත්තරකරුවන් අ) 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය postmaster@health.gov.lk ආ) ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය. postmaster@health.gov.lk ඇ) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා postmaster@health.gov.lk ඈ) හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා info@army.lk ඉ) පොලිස්පති, සී. ඩී. වික්‍රමරත්න මහතා igp@pilice.lk ඊ) නීති කෙටුම්පත් සම්පාදක - info@ld.gov.lk උ) රජයේ මුද්‍රණාලයාධිපති deptonline.govtpres@gmail.com ඌ) නීතිපති administration@attorneygeneral.gov.lk වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, 0712063394, 0786016161

Comments

  1. MAY ALMIGHTY GOD BLESS YOU SIR,FOR THE SERVICE YOU HAVE DONE FOR YOUR COUNTRY MEN....THANK YOU SIR

    ReplyDelete
  2. ලෙඩේ හොදවෙනවනම් මොන නීතිද එන්නත විද්දත් හැදෙනවනම් ඒ එන්නතේ තේරුම මොකක්ද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...