Skip to main content

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?
සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජය විසින් 2021 ජූනි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ "කොරෝනා පනත් කෙටුම්පත" ශ්‍රේෂ්ඨාධිකරණයේ දී SC/SD/24/2021 නඩුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් තහවුරු කර ඇති අතර, 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ එකී නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැක්වේ. (ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සුරකිමින් එකී තීරණය සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසද එකී නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත) නීතීඥ සංගමයද රජයේ ඉහත ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත අනුමත කර ඇති බව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය නීතීඥ සංගමයේ ස්වාධීනත්වයට සහ රටක නීතියේ පාලනයට සුදුසු තත්ත්වයක් නොවේ. සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරදවනවානම් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 23, 24, 106 ව්‍යවස්ථාවලට පටහැනිව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් වූ අධිකරණ ඇමතිගේ මූලිකත්වයෙන් සංස්ථාගත නීති අධ්‍යයන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටු ප්‍රසිද්ධ කළේ ඇයි? ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ විභාග පැවැත්වීම අනිවාර්යය කිරීමට යෝජනා කළ නීති විශාරදයන් රජය 2021.06.08 දින ගෙනා කොරෝනා පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීබව නොදැක්කේ ඇයි? යන්න නීතියේ පාලනය අපේක්ෂා කරන ජනතාව පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න වේ. මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා නොදී රටක් දියුණු කිරීම, රටේ නිෂ්පාදන වර්ධනය කිරීම සහ රටේ තිරසර සංවර්ධනය ඇති කිරීම කළ නොහැකි බව ජපානය, කොරියාව, චීනය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් දෙස බැලීමේදී මැනවින් පැහැදිලි වේ...! 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව මගින් ජනතාවගේ සිංහල අධිකරණ භාෂා බලය/ අයිතිය අහිමි කිරීමට එරෙහිව වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාර්ගෝපදේශකත්වයෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ, නිදහස් චතුරශ්‍රයේ විරෝධතා පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නීති සම්මන්ත්‍රණ පවත්වා ඇති අතර, නීති පත්‍රිකා බෙදා දීමද සිදුකර ඇත. ජනතාවගේ අධිකරණ භාෂා බලය/ අයිතිය අහිමි කිරීමට එරෙහිව 2021 මාර්තු 22 අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කරන ආකාරය පහත වීඩියෝවේ දැක්වේ...., https://m.youtube.com/watch?v=SnfBWnrT-VE&t=55s&pp=sAQA මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161 (2021.08.02)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...