Skip to main content

දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ලබා ගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ පොදු ස්ථානවලට යාමේ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව නීතීඥවරයෙක් ජනාධිපතිට, නීතිපතිට, පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන arunaunawatuna@gmail.com 2021.10.29 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැති ප්‍රවෘත්තියේ ඇති කෝවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට යාම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දීම 1.) එන්නත බලෙන් විදින්න යාම නිවැරදි නොවන බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිශක්තිය ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට ඇති අයිතිය වැළැක්වීමට සාමාන්‍ය නීතියෙන් හෝ නිරෝධායන නීතියෙන් හැකියාවක් නැති බවත් පුරවැසියන්ට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගැනීමේ නිදහස සහ අයිතිය ඇති බවත් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරමි. 2.) එමෙන්ම පහත දක්වා ඇති අදහස් අනුව කෝවිඩ් එන්නත් මගින් ඇතිවන අහිතකර තත්ත්වය පැහැදිලි වේ. "ගර්භණීවීම වසරක් පමාකරන්න -  වෛද්‍ය හර්ෂ අතපත්තු" https://youtu.be/uuxeILXq0wQ හැම වසරකම එන්නත් දෙන්න වෙයි... මහාචාර්ය නීලිකා මලවිගේ.. (විනාඩි 3.42) https://m.youtube.com/watch?v=U584iWLlon8 කොරෝනා හැදීමට වඩා වැඩි අවධානමක් එන්නත හරහා තියේවි... (වෛද්‍ය සුදර්ශනී ෆර්නෑන්ඩුපුල්ලෙ) (6.39 විනාඩියේ සිට) Watch "Live at 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2021-09-27" on YouTube https://youtu.be/Wr5eiBsLG38 3.) මාත්‍රාව සහ අවස්ථා ගණන, අතුරු ආබාධ නොදන්නා එන්නත් බලහත්කාරයෙන් විදීම වෛද්‍ය ආචාර ධර්ම අනුවද නිවැරදි නොවේ. 4.) එන්නත්කරණය නොකරන නමුත් දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමෙන් ඔවුන්ට කෝවිඩ් වෛරසය සහ වෙනත් රෝග ඇති කරවීමේ ඇති අවධානමද, එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමද කෝවිඩ් එන්නත් ලබා ගන්නා අය එකී වෛරස අසාදනයෙන්ද, වෛරසය පැතිරවීමෙන්ද නිදහස් වී නැති බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි. 5.) දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට බලහත්කාරයෙන් කෝවිඩ් එන්නත්කරණ‍ය නොකරණ ලෙසත්, පොදු ස්ථානවලට ඇතුල්වීම වැනි ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන ලෙසත් එය නීතියට පටහැනි වන බවත් කාරුණිකව දැනුම් දෙමි. මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පිටපත්, 1) පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. igp@police.lk 2) ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. අංක 14, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 04. sechrcsl@gmail.com 3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12. administration@attorneygeneral.gov.lk, agdurgentmotions@gmail.com, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැතිව පළ වී ඇති කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නීතියෙන් ඇති හැකියාව සොයා බැලීමට නීතිපති උපදෙස් පතා ඇති ප්‍රවෘත්තිය https://m.facebook.com/gotabayar/photos/a.458960397602614/2035791946586110/?type=3&source=48

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...