Skip to main content

දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ලබා ගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ පොදු ස්ථානවලට යාමේ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව නීතීඥවරයෙක් ජනාධිපතිට, නීතිපතිට, පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන arunaunawatuna@gmail.com 2021.10.29 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැති ප්‍රවෘත්තියේ ඇති කෝවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට යාම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දීම 1.) එන්නත බලෙන් විදින්න යාම නිවැරදි නොවන බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිශක්තිය ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට ඇති අයිතිය වැළැක්වීමට සාමාන්‍ය නීතියෙන් හෝ නිරෝධායන නීතියෙන් හැකියාවක් නැති බවත් පුරවැසියන්ට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගැනීමේ නිදහස සහ අයිතිය ඇති බවත් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරමි. 2.) එමෙන්ම පහත දක්වා ඇති අදහස් අනුව කෝවිඩ් එන්නත් මගින් ඇතිවන අහිතකර තත්ත්වය පැහැදිලි වේ. "ගර්භණීවීම වසරක් පමාකරන්න -  වෛද්‍ය හර්ෂ අතපත්තු" https://youtu.be/uuxeILXq0wQ හැම වසරකම එන්නත් දෙන්න වෙයි... මහාචාර්ය නීලිකා මලවිගේ.. (විනාඩි 3.42) https://m.youtube.com/watch?v=U584iWLlon8 කොරෝනා හැදීමට වඩා වැඩි අවධානමක් එන්නත හරහා තියේවි... (වෛද්‍ය සුදර්ශනී ෆර්නෑන්ඩුපුල්ලෙ) (6.39 විනාඩියේ සිට) Watch "Live at 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2021-09-27" on YouTube https://youtu.be/Wr5eiBsLG38 3.) මාත්‍රාව සහ අවස්ථා ගණන, අතුරු ආබාධ නොදන්නා එන්නත් බලහත්කාරයෙන් විදීම වෛද්‍ය ආචාර ධර්ම අනුවද නිවැරදි නොවේ. 4.) එන්නත්කරණය නොකරන නමුත් දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමෙන් ඔවුන්ට කෝවිඩ් වෛරසය සහ වෙනත් රෝග ඇති කරවීමේ ඇති අවධානමද, එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමද කෝවිඩ් එන්නත් ලබා ගන්නා අය එකී වෛරස අසාදනයෙන්ද, වෛරසය පැතිරවීමෙන්ද නිදහස් වී නැති බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි. 5.) දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට බලහත්කාරයෙන් කෝවිඩ් එන්නත්කරණ‍ය නොකරණ ලෙසත්, පොදු ස්ථානවලට ඇතුල්වීම වැනි ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන ලෙසත් එය නීතියට පටහැනි වන බවත් කාරුණිකව දැනුම් දෙමි. මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පිටපත්, 1) පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. igp@police.lk 2) ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. අංක 14, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 04. sechrcsl@gmail.com 3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12. administration@attorneygeneral.gov.lk, agdurgentmotions@gmail.com, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැතිව පළ වී ඇති කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නීතියෙන් ඇති හැකියාව සොයා බැලීමට නීතිපති උපදෙස් පතා ඇති ප්‍රවෘත්තිය https://m.facebook.com/gotabayar/photos/a.458960397602614/2035791946586110/?type=3&source=48

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm  නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි?

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි? මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People's National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා "Gotagogama" තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයකි. ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. "The People's Constitution should be drafted and presented to the people according to the Grundnorm principle before or after the president Gotabhaya is sent home. If not a dictatorship may arise." "ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැවීමට පෙර හෝ පසූව මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ජනතාව හමුවේ තැබීම ගෘන්නෝම මූලධර්මය අනුව සිදුවිය යුතුයි. එසේ නොවුණහොත් ඒකාධිපති පාලනයක් බිහි වනු ඇත." වැද්දා වටුකූරුල්ලන්ට දැල දැමූ පසු වටුකුරුල්ලන් ඉන් මිදුන ආකාරය ලස්සන සිත් ඇදගන්නා බෞද්ධ කතාවක් පමණක් නොවේ. ඉන් ඉගෙනිය හැකි පාඩම් බොහෝය. පළමු වැ