Skip to main content

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.
(ලි. ප. තැ/ අතින්/ විද්‍යුත් තැපෑලෙන්) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2021.11.08 පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම 1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත. 2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත. 3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ. 4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්. මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පිටපත් 1) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශය 385, සුවසිරිපාය, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,  කොළඹ 10, 2) ආයුර්වේද කොමසාරිස්,ආයුර්වේද දෙපාර්තුමේන්තුව, පරණ පාර, නාවින්න, මහරගම. 3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 10.

Comments

  1. අනිවාර්යෙන් සියළුම දෙනා මේ අසාධාරණයට එරෙහිව පෙළ ගැසිය යුතුයි.

    ReplyDelete
  2. ඉතා කාලෝචිත සහ වැදගත් පියවරක් .මෙහෙම කටයුතු කිරීමට දේශීය වෛද්‍ය ඇමති කෙනෙක් කුමකටදැයි සිතෙනවා .ඇමැති තුමා අප වෙනුවෙන් පෙනීසිටිමින් අපගේ අයිතිවාසිකම් සහ දේශීය උරුමය රැක දෙන්න.ayoubowan

    ReplyDelete
  3. එන්ගලන්තයෙ වැකිසින් කාඩ් එක අනිවාර්ය කිරීම හකුලා ගත්තා නේද

    ReplyDelete
  4. උසස්පෙළ විබාගයට එන්නත කාඩ්පත නොතිබීම ගැටලුවක් වේවිද

    ReplyDelete
  5. දෙවියනවහන්සේ විශ්වාස නොකරන ජනතාවක් මත ⁣බලෙන් රෝම - ලන්දේසි නීතිය පටවා ඒ ජනතාව ගේ මානව අයිතිය උල්ලංඝනය කළ පසු ඒ යටතේ කරන සියල්ල මිනිස් අයිතීන් මංකොල්ල කෑමකි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...