Skip to main content

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්....

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්....
ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායකට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් දැනුම් දේ. ඩිජිටල් ඡන්ද ක්‍රමය හදුන්වාදී නීති සංශෝධන ගෙනා යුතු නීති 6ක් එහි දක්වා ඇත. ඒවා නම් පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, ජනමතවිචාරණ පනත, පළාත්සභා පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වේ. එකී ලිපියේ පිටපතක් පහත දැක්වේ. එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කතානායක මහින්ද යාපා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සන්ජය රාජරත්නම් වෙතද යොමු කර ඇත. මෙම නීති සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් වැඩබලන ජනාධිපතිවරයා, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සෘජුවම ජනතාවට කළ හැකි වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීති සම්මත කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමත් ජනතාවට හිමි වේ. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.07.12)

Comments

  1. මේ ලිපියට ඇතුලත් කරන්න මේව
    දැනට ක්‍රියාඅත්මක වන රටවල්
    මේකේ රහසය බව ශ ආරක්ශිත බව රැකෙන බවට සාදක
    වාසි අවාසි
    මේ හරහ යම් වරදක් උනොත් එය අදුනගන්න සහ නිවරදිකරන කාර්‍යක්ශම පිලිවලක්

    ReplyDelete
  2. අදාල කටයුතු මැතිවරණ කොමිසම, කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල විසින් කාර්ය පටිපාටිමය පියවර ගනී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...