Skip to main content

ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද?

ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද?
මිලියන 80ක් වූ ලොව පුරා විසිරී සිටින සහ තමන්ටම වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් නොමැති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉහළ ධූර ලබා ගැනීමට අසීරු වී ඇත්තේ මිලියන 18ක් වූ සිංහලයන්ගේ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව වී ඇති නිසාය. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වී ඇති අතර රටේ ආරක්ෂාවද, ශ්‍රී ලංකා රාජ්‍යයේ අනන්‍යතාවයද තහවුරු වී ඇත. වසර ගණනාවක් උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලයක් ගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවේ භූමියෙන් වෙනම රටක් වෙන්කර ගැනීමටය.එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද? යන්න විද්වත් කතිකාවක් ආරම්භ කිරීම අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පුරවැසියන්ගේ යුතුකම නිසාය. මේ වන විට රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව ඉංග්‍රීසි කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අලි සබ්‍රිගේ මූලිකත්වයෙන් නීති පනවා ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව සිංහල භෂාවක්ව තිබියදී නීති අධ්‍යාපනය සහ නීති විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න විසඳා ගත නොහැකි වී ඇත්තේ මේ අවනඩුවට ප්‍රධානීන් රැසක්ම දායක වී ඇති නිසාය. 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලබා දුන් නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලැබීමේ අයිතිය ජේ. ආර් ජයවර්ධන මැතිතුමාද ආරක්ෂා කළේය.එසේ තිබියදී පසු කාලීන රජයන් සිංහල භාෂා අයිතිය අහිමි කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට ද පටහැනි වේ. නිදහස් අධ්‍යාපනය ලබා දීම රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව වන සිංහල භාෂාවෙන් ලබා දීම විධිමත්ව කරගෙන යද්දී නීති අධ්‍යාපනය සි‍ංහල භාෂාවෙන් ලබා දීම වැළක්වීම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන පිළිගත් නීති මූලධර්මයටද පටහැනි වේ. ජාත්‍යන්තරය යනු ඉංග්‍රීසි පමණක් නොවේ. බ්‍රිතාන්‍යය හැර ඉංග්‍රීසි භාවිතා කරන දියුණු රටවල් ඇත්තේ 4ක් පමණි.ඒ ඇ.එ.ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. ඒ අන් හේතුවක් නිසා නොව එම රටවල් බ්‍රිතාන්‍යයේ යටත් විජිතව පැවතීම සහ බ්‍රිතාන්‍යයන්ගේ ජනතාගේ ජාන සහිත ජනතාව/ ඥාති සම්බන්ධතා ඇති ජනතාව එම රටවල් පාලනය කිරීමය. (ශ්‍රී ලංකාවේ කලු සුද්දන් එම රටවල සුද්දන් වේ) ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව, කොරියාව, ඉතාලිය, ජපානය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු නොකරයි. රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර රජයේ ධූර සඳහා සිංහලයන්ට/ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීම මෙහි අරමුණ වන අතර ප්‍රංශ, චීන, ස්පාඤ්ඤ, රුසියන්, අරාබි, ඉංග්‍රීසි යන ජාත්‍යන්තර භාෂා 6 වෙනුවට විදෙස් ගත වීමට ඉංග්‍රීසි භාෂාව පමණක් අවශ්‍ය බවට අසත්‍ය ප්‍රචාර කරන්නේත් මේ සඳහාය. "නීතියේ සිංහල නුගමුල" ෆීන්ක්ස් නීති සඟරාව, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. 2022.10.20

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...