Skip to main content

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි?

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි?
ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැත. ඒ මිලියන 18ක් වූ සිංහල ජනතාවගෙන් ලැබෙනවාට වඩා වැඩි වාසියක් මිලියන 80ක් වන දෙමළ ජනතාවගෙන් ලැබෙන නිසා මෙන්ම සිංහල මිලියන 18ට දේශපාලන, ආර්ථික, නෛතික බලයක් අහිමිකර ඇති නිසාය. මිලියන 80කගේ සහාය ලැබෙන ඩයස්පෝරාවේ ඩොලර්, පවුම් මත මිලියන 18ක් වන සිංහල ජනතාව බේදකිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට දේශපාලනය කිරීම වඩා වාසිදායකය. ආසන්නතම උදාහරණය වන්නේ දෙමළ භාෂාවෙන් නීතිය ඉගැන්වීම නතර කිරීමට, නීති විභාග පැවැත්වීම නතර කිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති පැනවූ විට දෙමළ ඩයස්පෝරාව හෝ සුමන්තිරන්, සම්බන්ධන් හෝ දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නා අය එයට එරෙහි වුණේ නැත. ශ්‍රී ලංකාවේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වරදකට ඇගිල්ලක් එල්ල කළ විට ජනතාව ඒ ඇගිල්ලේ දොස් විවේචනය කරන අතර, අධිකරණයේ වරදකට ඇගිල්ලක් එල්ල කළ විට ඒ ඇගිල්ල වරදකරු කිරීම ද මෙහි ප්‍රතිඵලයකි. සිංහල භාෂා අයිතිවාසිකම් අහිමි වන්නේ නම් දෙමළ භාෂා අයිතිවාසිකම් මේ අයට අවශ්‍ය නැත. දෙමළ භාෂා අයිතිය කරළියට ගන්නේ සිංහල භාෂා අයිතිය අහිමි කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බව නීති අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කිරීමට එරෙහිව ඩයස්පෝරාවේ නිහඬත්වයෙන් පෙනේ. ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැති අතර දෙමළ ජනතාව යොදා ගන්නේ සිංහල ජනතාවගේ භාෂා අයිතිය, ආර්ථික අයිතිය, දේශපාලන අයිතිය අහිමි කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණි. මේ සම්බන්ධයෙන් සහ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට වන තවත් නීති යෝජනා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් නීති ප්‍රතිපාදන මගින් විසඳුම් සෙවීමේ නීති අධ්‍යාපන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ. ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0342256067, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය