Skip to main content

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි.

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි.
නීතිය යනු පාර්ලිමේන්තුව පනවන නීති සහ ඒ අසුරෙන් අධිකරණය ලබා දෙන අර්ථ නිරූපණවල එකතුවකි. ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි, ඒ පාර්ලිමේන්තු පනවන පනත් සහ ඉහළ අධිකරණ තීරණ ය. අංගුලිමාල සිවුර දරාගෙන බුදු හාමුදුරුවන්ට කරදර කළා කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එය වැරදි බව ජනතාව දනී. ජනාධිපතිවරයාගේ එකී වැරදි ප්‍රකාශය ජනතාව නිවැරදිව දකී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත්ම කුළුණ එහි 9 වන ව්‍යවස්ථාවයි. එහි ඇති ව්‍යවස්ථා 172 අතරින් වඩා බලවත්ම ව්‍යවස්ථාව එයයි. 1815 උඩරට ගිවිසුමේ 5වන වගන්තිය දක්වා එහි සම්බන්ධය තිබුණද එහි ඉතිහාසය ඊට ඈත අතීතයට යයි. වර්තමානයේ සමාජ කතිකාව ඇත්තේ එකී 9 වන ව්‍යවස්ථාව අනතුරේද යන්නයි. වෙනම රටකට පාර කැපේද යන්නයි. එය නිවැරදිව දැකීමට ඇති බාධාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂා විරෝධී ක්‍රියා කළාපයයි. මේ සඳහා අවධානය යොමු කිරීමේදී සහ පිළිතුරු සෙවීමේදී අධිකරණ ඇමතිගේ සහායෙන් අගවිනිසුරු සාමාජිකත්වය දරන, "සංස්ථාගත නීති අධ්‍යාපන සභාව" ද්වේශයෙන්, ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරමින්, වෙනම රටකට පාර කපමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට වන ප්‍රතිඥාව කඩ කරමින් සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ප්‍රශ්න කිරීමෙන් ආරම්භ කිරීමට සිඳුවේ. නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සංවාදය, සාකච්ඡාව අවශ්‍යමය. අධිකරණ භාෂාවෙන් එනම් සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ  2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයට සහාය දුන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් 14 දෙනාගේ නම් ප්‍රසිද්ධ කිරීමෙන් එකී සාකච්ඡාව ආරම්භ කළ හැකිය. එමෙන්ම අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක් වූ අවස්ථාවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිටි සාමාජිකයන් 14 දෙනා පාර්ලිමේන්තුවට කැදවා සිංහල - දෙමළ භාෂාවෙන් එනම් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ගැන ප්‍රශ්න කළ යුතුය. එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ නඩු පවරා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ සාකච්ඡා කිරීමද කළ හැකිය. නීතියේ සිංහල නුගමුල "ෆීනික්ස් නීති සංග්‍රහය" වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0342256066, 0342256067, 0712063394.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය