Skip to main content

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම වැළැක්වූ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිරිමාවෝ මැතිණිය කියූ කැකිල්ලේ තීරණයක්ද?

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම වැළැක්වූ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිරිමාවෝ මැතිණිය කියූ කැකිල්ලේ තීරණයක්ද?
මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි. ‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබූවද සිරිමාවෝ එදා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට පිළිමළුන්ටත් ජනතාවටත් ඇසෙන්නට කළ අවසන් කතාව ඇය  අපරාජිතව සිටින බව තහවුරු කළේය. "ගුරු කතානායකතුමනි, පුරා වසර 20ක් මම මන්ත්‍රීවරියකව සිටියෙමි. ඉන් 12 ක් අගමැති ධුර දැරීමි. අධර්මිෂ්ඨ පාලකයන්ගේ නීතියටත් රීතියටත් නැති මෙම ක්‍රියාව හේතුවෙන් දැන් එළැඹ තිබෙන්නේ ඔවුන්ගේ දුෂ්ට චේතනා සපිරුණේ නම් මා මෙහි කරන අවසාන කථාවයි. මේ සභාවෙන් මා ඉවත් කරනු ලැබුවද පොදු ජනතා අරගලය තිබෙන තුරු මා ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැතිබව පැහැදිලිය." 1980 ඔක්තෝබර් 10 හැන්සාඞ්  ඒ ආකාරයේ තත්ත්වයක් වර්තමානයේදීද දක්නට ඇත. ඒ නීතියේ අධික බලයක් අත දරා සිටින සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ වැරදි ක්‍රියා කලාපයයි. එහි සාමාජිකයන් කිහිප දෙනෙකු අධිකරණ බලය සහ විධායක බලය යන බල දෙකම දරමින් අධික බලයකින් යුක්තව ක්‍රියා කරයි. ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාව නිදහස් ස්වෛරී ජනරජයක් වීමේ අරමුණු නැවත අහිමි කිරීමකි. එමෙන්ම එකී සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු බවයි. "ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නා සේ" එකී ගැසට් පත්‍රයේ විධිවිධාන පවා කඩ කරමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති බව මාධ්‍යයේ දැක් වේ. "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" කියා පැරන්නෝ කීවේ මේ නිසා ය. අවසාන වශයෙන් කිව හැක්කේ "නඩුත් බඩුත් දෙකම ඔවුන්ගේ නම් ජනතාවට නීතියේ පිහිටත් නොවන බවය". සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව වැරදි ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා කතා කර ඇත. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ සභාවක් බව මේ වන විට පැහැදිලි වී ඇත. නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394. (2023.02.21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් ලියා ඇත)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය