Skip to main content

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...!

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...!
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත. පර්යේෂණයේ පැවති දුර්වලතා 1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිසමා සහ අදාල අධ්‍යාපන ස්ථානය නොවිමසීම. 2. ඇගයීමට තොරතුරු ලබා ගත් නීතීඥවරුන්ගේ වෘත්තීය වසර ගාණන නොවිසවීම. 3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම. 4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම. 5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොදා ගෙන තිබියදී මෙම ඇගයීම කිරීම. 6. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අධිකරණ සේවා කොමිසමෙන් යම් බලපෑමක් වෙතැයි කියමින් දත්ත ලබා ගැනීමට සහාය නොදීම. 7. මෙම දත්ත ලබා ගැනීමේදී දත්‍ත ලබා දෙන අය ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් පත්‍රිකා ආපසු ලබා දීම. 8. දුරකථනයෙන් දත්ත ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී අඛණ්ඩව දුරකථන ඇමතුම ලබා ගැනීමට තිබූ දුෂ්කරතාවය සහ දත්ත ලබා දෙන අයට තිබූ කාර්ය බහුලත්වය. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) (අධ්‍යාපන පත්‍රිකාව සඳහා විමසන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (පර්යේශන වාර්තව ප්‍රසිද්ධ කිරීම 2023 මැයි 22 (ජනරජ දින) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශලාවේදී)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...