Skip to main content

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...!

නීති අධ්‍යාපනයෙන් ගෝත්‍රික වූ සමාජයක් ශිෂ්ට කිරීම අසීරුයි...!
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත. පර්යේෂණයේ පැවති දුර්වලතා 1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිසමා සහ අදාල අධ්‍යාපන ස්ථානය නොවිමසීම. 2. ඇගයීමට තොරතුරු ලබා ගත් නීතීඥවරුන්ගේ වෘත්තීය වසර ගාණන නොවිසවීම. 3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම. 4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම. 5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොදා ගෙන තිබියදී මෙම ඇගයීම කිරීම. 6. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අධිකරණ සේවා කොමිසමෙන් යම් බලපෑමක් වෙතැයි කියමින් දත්ත ලබා ගැනීමට සහාය නොදීම. 7. මෙම දත්ත ලබා ගැනීමේදී දත්‍ත ලබා දෙන අය ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් පත්‍රිකා ආපසු ලබා දීම. 8. දුරකථනයෙන් දත්ත ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී අඛණ්ඩව දුරකථන ඇමතුම ලබා ගැනීමට තිබූ දුෂ්කරතාවය සහ දත්ත ලබා දෙන අයට තිබූ කාර්ය බහුලත්වය. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) (අධ්‍යාපන පත්‍රිකාව සඳහා විමසන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (පර්යේශන වාර්තව ප්‍රසිද්ධ කිරීම 2023 මැයි 22 (ජනරජ දින) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශලාවේදී)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...