Skip to main content

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?
වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති අතර එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රයෝජන සළසා ගත්තේ සාමාන්‍ය ජනතාව නොව ඉංග්‍රීසි පඬි නැට්ටන්‍ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන විධාන අනුව ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවද අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මිස කළ නොහැකිය. එහි වඩා වැදගත් වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට අදාලව යන්නය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක්ව පැවති අතර වර්ෂ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකී ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 සිට වසර 5කට අඩු කරනු ලැබීය. ඒ ජනමතවිචාරණයක් මගින් නොව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණි. ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යව‍ස්ථාවේ 83 ව්‍යවස්ථාව දක්වා තිබුණද වසර 6 සිට වසර 5ක් කිරීමට හෝ දැන් පවතින වසර 5 නැවත වසර 6ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධාන මගින් නියම කර නැත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 5ක් වුවද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් එකී ධූර කාල මුල් තත්ත්වයට එනම් වසර 6 දක්වා ගෙන ඒමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණක් සිදු කළ හැකිය. එවිට වත්මන් ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වාත්, වත්මන් පාර්ලිමේන්තුවට 2026 දක්වාත් පැවතිය හැකිය. වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙයට ඇති කැමැත්ත කෙසේ වෙතත් ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැඩි ඉඩක් මේ වන විට පවතී. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.01.06)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...