Skip to main content

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්.....

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ක්ෂේත්‍රයට කර ඇති දායකත්වයෙන්.....
1. විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතකට එරෙහිව පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ජනමතවිචාරණයක් නියම කර ගනිමින් එකී විධිවිධාන නීති ගතකිරීම වැළැක්වීම. කොරෝනා වෛරස් ආසාදනය සමයේ විදෙස් නීති ගෙන ඒමේ විධිවිධාන ඇතුළු තවත් විධිවිධාන නීතිගත කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා විසින් 2021 ජූනි 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්-19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121වන ව්‍යවස්ථා යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුලවීම යටතේ පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා (SC/SD/24/2021) එකි විධිවිධාන නීතිගත කිරීමට පෙර ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය ලබා ගැනීම. (ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සඳහා යොමු වන්න 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387 - 1450 දක්වා පිටු) 2. නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පැවරූ නඩුවකදී චූදිත වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට සිය තනි අභිමතයට සාක්ෂි වෙනස් කළ විනිසුරුවරයෙකුගේ වැරදි ක්‍රියාව අභියාචනාධිකරණය ඉදිරියේ පෙන්වාදී චූදිත නිදොස් කර නිදහස් කර ගැනීම. (CA/HCC/133/2019) (2021.03.08) 3. නීති කෘතීන් 11 ක් පළකිරීම. 4. නීතිය පිළිබඳ ලිපි 500ක් පමණ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පළ කිරීම. 5. මාස 6ක නීති අධ්‍යාපන වැඩසටහන් 2ක් සහ එක් දින නීති අධ්‍යාපන වැඩසටහන් 26ක් නොමිලේ පැවැත්වීම. 6. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින දෝෂයක් ගැන ජනාධිපතිවරයා ගාල්ලේ අධිකරණ සංකීර්ණය 2024 ජූනි 19 දින විවෘත කිරීමේ අවස්ථාවේ ජනතාවගෙන් සමාව ගැනිම, එකී දෝෂය නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව 2024 ජූනි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කිරීමට වසර ගණනාවකට පෙර සිට එකී දෝෂ ගැන ජනාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන සහ ජනතාව දැනුවත් කිරීම. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය වූ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය”* (ISBN 978-955-38965-6-8) එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී දක්වන ලද අදහස් දැක්වීම් වලින්.... (* කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...