Skip to main content

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු එක්සත් ජාතින්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම, විසඳුම් සහ 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22...!

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු එක්සත් ජාතින්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම, විසඳුම් සහ 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22...!
2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාලයේ දෝෂයක් පවතින හෙයින් එය එක්තරා නීති විශාරදයකුගේ අතපසුවීමක් බවත් එයට ජනතාවගෙන් සමාව ගන්නා බවත් ගාල්ල අලුත් අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ ජනාධිපතිවරයෙකු පැවසුවා සමහරුන්ට අමතක වී ඇත. ඒ වේදිකාවේ ජයන්ත ජයසූරිය අගවිනිසුරුද, පාරින්ද රණසිංහ නීතිපතිද, තවත් විනිසුරුවරුන්ද, රාජ්‍ය නිලධාරීන්ද අසුන්ගෙන සිටියේය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ වැරැද්ද නිවැරදි කිරීමට නීතිපතිගේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද මේ වන විට ගැසට් කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ අනුර දිසානායක ජනාධිපතිගේ සහ මාළිමා පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ක් වන බවයි. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කළ අවස්ථාවක එය නීතිපතිගේ මතයද වේ. ඒ අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් පවතින බවත් එය නිවැරදි විය යුතුය යන්න නීතිපතිගේ ස්ථාවරයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද නීතිපතිට පෙනුනේ මේ වැරැද්ද ගැන පුරවැසියන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඒ වෙනුවෙන් ලකෂ ගණනින් නඩු ගාස්තු ගෙවීමෙන් පසුය. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට/ ගැසට් කිරීමට හේතු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා අධ්‍යයනය නොකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ධූරය විශ්‍රාම යාමෙන් පසු හිමිවන නිසාද යන්න මතු වන වැදගත් නෛතික සහ සමාජමය ප්‍රශ්නයයි. එක්තරා අගවිනිසුරුවරයෙකු තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමඟ දුන් තීන්දු ගැන කම්පාවෙන්, පසුතැවෙමින් විශ්‍රාම යාමෙන් පසු "අනේ මට සමාවෙන්න" කී අයුරුද ජනතාවට අමතක විය නොහැකිය. විශ්‍රාම යාමෙන් පසු විනිසුරුවරුන් රජයේ ධූර ගන්නා විට (ස්වාධීන කොමිෂන් සභා හැර) එම විනිසුරුවරුන් ඊට පෙර ලබා දී ඇති අධිකරණ නියෝග පිළිබඳ සමාලෝචනය කිරීමට අවස්ථාව සැළසෙන නීති පැනවීමේ අවශ්‍යතාවය මෙවැනි තත්ත්වයන් හමුවේ ජනතාව අවබෝධ කර ගත යුතුය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස පත්වීමේදී ධූර දරන විනිසුරුවරුන්ගේ ගුණාත්ම ප්‍රතිරූපය සහ අධිකරණ ස්වාධීනත්වය ජනතාවගේ පරමාධිපත්‍යය ඇසුරෙන් රැකිය හැක්කේ එවැනි නීති සංශෝධනයකින් ය. හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු එක්සත් ජාතින්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම, විසඳුම් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන නිදහස් චින්තකයන් විසින් ගැඹුරින් හැදෑරිම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් වෙයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.23)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...