Skip to main content

අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරන ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුව සොයා බලනවාද?

අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරන ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුව සොයා බලනවාද?
සේවාදායකයාට ඇප ඉල්ලා අධිකරණයට ගිය නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම, වෙනත් අයෙකුට ඇප ලබා දීමට අධිකරණයට ගිය තැනැත්තා දුරකථන නාද වී රක්ෂිත බන්ධනාගාරගත වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරයේ දී ඝාතනය වීම පසුගිය දිනවල සමාජයේ කතිකාවට ලක් විය. අධිකරණයේ, රෝහලේ, බන්ධනාගාරයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, පාසලේ, සරසවියේ කොතනක වුවත් වෙන අයුක්තිය අවසානයේ බැර වන්නේ ආණ්ඩු විරෝධයකටය. ඕනෑම ජනප්‍රිය ආණ්ඩුවක් ආයතනගත අයුක්තිය සමඟ පරාජයට පත් කරවයි. එසේම ජනතාවගේ අප්‍රසාදයට පත් කරවයි. ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය නීතීඥවරුන් විනිසුරුවරුන් ලෙස පුහුණු කරන ජාතික ආයතනයයි. විනිසුරුවරුන් ලෙස තෝරා ගන්නා නීතීඥවරුන් එහි පුහුණු කරවනු ලබයි. විනිසුරුවරුන් ලෙස නීතීඥවරුන් බඳවාගන්නා ආකාරය, විනිසුරුවරුන් ලෙස බඳවා ගන්නා නීතීඥවරුන් ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය මගින් පුහුණු කරන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතුය. අධීක්ෂණය කළ යුතුය. නොඑසේනම් අධිකරණයට යන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් කුමන හෝ අතපසුවීමට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරුන් තවදුරටත් ක්‍රියා කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ඇ. අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු සතුය. එබැවින් මෙවැනි අයුක්තීන් පාලනය කිරීම පාර්ලිමේන්‍තුව විසින්ම කළ යුතුය. අධිකරණ සේවා කොමිෂන් සභාවට එය පැවරී ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව සිය වගවීමෙන් මිදිය නොහැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුවට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභාවක් කර ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය එහි පාලනට සහ අධීක්ෂණයට යටත් කර ස‍ංවරණ තුළණ ක්‍රමය පවත්වා ගත හැකිය. තවද විනිසුරුවරුන් ලෙස නීතීඥවරුන් බඳවාගන්නා ආකාරය, විනිසුරුවරුන් ලෙස බඳවා ගන්නා නීතීඥවරුන් ශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය මගින් පුහුණු කරන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලීම සහ නිරතුරුව අධීක්ෂණය කිරීම කළ යුතුය. නොඑසේ නම් ඉදිරියටත් අධිකරණයේ කරුණු දක්වන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාරගත වීමට, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් ඉතා සුලු අතපසුවීමකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් ඇතුලු අයුක්තීන් දිගටම සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ ජනප්‍රිය ආණ්ඩු සාමාන්‍ය ආණ්ඩු හෝ ජනතාවගේ කෝපයට ලක් වූ ආණ්ඩු බවට පත් වීමයි. එසේම රටේ කොතනකදී හෝ වන අයුක්තිය රටේම යුක්තියට එරෙහි ක්‍රියාවක් බවද පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අවබෝධ කර ගත යුතුය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.09)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...