Skip to main content

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 2වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින හෙයින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලාත්මක වන ආකාරය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 2වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින හෙයින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලාත්මක වන ආකාරය.
1. 1815 උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය කිරීටය විසින් මෙරට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය යටත් කර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යය අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලනය කිරීම සිඳු විය. 2. 1947 ඩොමීනියන් නිදහස ලබා දුන් සෝල්බරි ව්‍යවස්ථාව සහ සියළු ආඥා පනත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැනවීය. 3. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට නීති පැනවුවද බ්‍ර්තාන්‍ය අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බිහිකළ සෝල්බරි ව්‍යවස්ථාව හෝ ආඥා පනත් සිංහල භාෂාවෙන් ලබා දීමට කටයුතු නොවූ අතර අවසන් අධිකරණ බලය බ්‍රිතාන්‍ය රාජාධිකරණය සතුවිය. 4. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගෘන්නෝමයක්/ නෛතික විප්ලවයක් මගින් වගන්ති 134කින් යුත් පළවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 මැයි මස 22වන දින පාර්ලිමේන්තුව විසින් පනවා ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව බවට පත්වීමෙන් පසු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර පැනවීම සිඳුවිය. 5.1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාවෙන් නීති පැනවීම සි‍ඳුකළ යුතු බවත් දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් විය යුතු බවත් දැක්වා ඇත. 6. එසේම නීතියක් සඳහා ඉදිරිපත් කරන සෑම පනත් කෙටුම්පතක්ම සිංහල භාෂාවෙ ඉදිරිපත් කළ යුතු බවත්, දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් සහිතව ගැසට් පත්‍රයේ පළ කළයුතු බවත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියේ දක්වා තිබුණි. 7. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එහි X පරිච්ඡේදය මගින් දක්වා ඇති අතර, ඒ අනුව ජාතික රාජ්‍ය සභාවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් යටත් පිරිසෙන් 2/3ක ඡන්දයෙන් සම්මත වුවහොත් එහි 49වන වගන්තිය යටතේ කතානායකවරයා විසින් සහතිකය යෙදීමෙන් පසු එහි 48වන වගන්තිය යටතේ නීතියක් විය. 8. 8. ඒ අනුව 1978 ජූලි මස 21 වන දින පැවති මැතිවරණයෙන් පත් වූ ජාතික රාජ්‍ය සභාව විසින් උත්තරීතර නීතිය ලෙස අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ( ව්‍යවස්ථා 172කින් යුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) පැනවූ අතර එය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූ අතර 1වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූයේ විධායක ජනාධිපති ධූරයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය. 9. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය අනුව දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් සහිතව සිංහල භාෂාවෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීම සිඳුකර ඇත. 10. ඉහත කාරණා සැළකීමේදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලාත්මක වෙයි. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394    (2025.07.12)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...