Skip to main content

වැරදි ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ශ්‍රී ලංකාවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදයක... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය යොදා ගෙන ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරවූ, අහිමිකළ නීතියේ බලවතුන්ට එරෙහිව ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරයිද?

වැරදි ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදයක... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය යොදා ගෙන ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරවූ, අහිමිකළ නීතියේ බලවතුන්ට එරෙහිව ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරයිද?
වැරදි ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ශ්‍රී ලංකාවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදයක... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය යොදා ගෙන ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරවූ, අහිමිකළ නීතියේ බලවතුන්ට එරෙහිව ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරයිද? 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී නැත. (83.b) 2. එනම් එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීම වළක්වා ඇති නමුත් එහි වලංගු සිංහල භාෂා පාඨය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට හෝ වැඩිකිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට නියම කර ඇත. 3. ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය මගින් ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අත්හැරවා, අහිමි කරවා ඇත. 4. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් 200ක් පමණ සහ පුරවැසියන් 100ක් පමණ මේ වනවිට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමට අත්සන් කර ඇත. 5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ වැරදියට පරිවර්තනය කර ඇති ඉංග්‍රීසි භාෂා පාඨය නීතියේ බලවතුන් කිහිප දෙනෙකු විසින් වැරදියට යොදාගෙන/ අවභාවිත කර  ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ට වඩා අඩුකරගෙන ඇත. 6. ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන ජනමතවිචාරණ ඡන්ද බලය වැරදි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය අවභාවිතා කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරවූ සහ අහිමි කළ අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර ද‍ඬුවම් කළ යුතුය. 7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් සහ පුරවැසියන් විසින් ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම එතුමා වෙත ලැබීමෙන් පසු ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන ජනමතවිචාරණ ඡන්ද බලය වැරදි ඉංග්‍රීසි පරිවර්තනය අවභාවිතා කරමින් අත්හැරවූ සහ අහිමි කළ අයට එරෙහිව එතුමා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ යුක්තිය අගයන ජනතාව අවධානයෙනි. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394    (2025.07.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...