නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද?
නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද? නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරයි. 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාල පනත් කෙටුම්පත් 2025 ජූලි මස 31 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර එය අධිකරණ ඇමතිවරයා විසින් 2025.08.08 වන දින පාර්ලිමේන්තුවට පළමුවර කියවන ලදී. ඒ අනුව එකී පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලත්වය සම්බන්ධයෙන් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි අතර ඒ සඳහා දින 14ක කාලයක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍ය...