ඇප ලබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයෙකු* මහේස්ත්‍රාත් උසාවියට නඩු ඇසීමට අධිකරණ බලය නැති බවට මැ.කො. ලිපිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික විරෝධය ගැනීම සම්බන්ධයෙන් නෛතික තත්ත්වය...!
ඇප ලබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයෙකු* මහේස්ත්‍රාත් උසාවියට නඩු ඇසීමට අධිකරණ බලය නැති බවට මැ.කො. ලිපිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික විරෝධය ගැනීම සම්බන්ධයෙන් නෛතික තත්ත්වය...!
(* ජනාධිපතිවරයෙකුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණක නඩු පැවරිය නොහැකි වුවත් කවර හෝ වැරදි ක්‍රියදාමයක් මත එසේ නඩු පවරනු ලැබුවහොත් සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් දැනුම් දී ඇති බව " ව්‍යවස්ථාවේ හිලක්, වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි " 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇති පුවතද
බලන්න
(ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි...
ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgk?si=3ujpyUJ1sUPQWkOd
හිරුඔ
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
ද ලීඩර්
https://theleader.lk/news/34587-2025-08-18-05-01-34
ඇසුරෙන් මෙම නෛතික තත්ත්වය පැහැදිලි කර ඇත.)
1. යම් මුල් අවස්ථා අධිකරණයක පවරනු ලැබූ යම් නඩුවකදී හෝ නඩු කටයුත්තකදී හෝ කාරණයකදී විත්තිකරුවෙකු හෝ චූදිත පාර්ශවකරු විසින් සිය උත්තරවාද ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ බලය පිළිබඳ විරෝධය පෑම කළ යුතු බව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තියේ දක්වා ඇත.
2. පොදු දේපල පනත හෝ වෙනත් කවර නීතියක් යටතේ වුවත් අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් උත්තරවාද ඉදිරිපත් කිරීමට පෙර ගනු ලැබුවහොත් එම මුල් අවස්ථා අධිකරණයට එය විභාග කර තීරණය කිරීමට හැකිය.
3. එසේ වුවත් යම් විත්තිකරුවෙකු හෝ චූදිත සැකකරුවෙකු 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධය ගනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් විභාග කර තීරණය කිරීමට මුල් අවස්ථා අධිකරණයට බලය නොලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි අන්න්‍ය අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණට පැවරීම කර ඇති හෙයින් ය.
4. මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා යවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය නිවැරදිව පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසය.
5. ඒ අනුව දැනට පවතින ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය මැතිවරණ කොමිසමට අනුවද දෝෂ සහිත වන අතර එකී දෝෂ සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හෝ යම් අධිකරණයක් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා සහ ක්‍රියා ඒ අනුවම දෝෂ සහිත වන අතර ප්‍රමාද දෝෂයකින් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා බවට පත්වන අතර (Per incurium) මේ තත්ත්වය එනම් අලුත් තත්ත්වය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දීමටත් ඒ අනුව මැතිවරණ කොමිසමද කියා සිටින ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය දෝෂ සහිත වන බවට අදාල කාරණාව සහ නෛතික තත්ත්වය නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ.
6. ඉහත 5වන ඡේදයේ දැක්වෙන ප්‍රමාද දෝෂයකින් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා (Per incurium) බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යම් තැනැත්තෙකුට නඩුවක් පවරා පෙන්වා දීමේ අවස්‍ථාව ඇති අතර නැතහොත් අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ යම් මුල් අවස්ථා අධිකරණයකදී ගන්නා මූලික විරෝධතාවයක් මත එකී අධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125වන ව්‍යවස්ථාව යටතේ මෙම කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම යටතේ නොපමාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන්ද මේ තත්ත්වය විසඳා ගත හැකිය.
7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ අවස්ථාවක් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යෙදීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 79, 80, 83 , 125 වන ව්‍යවස්ථාද ඒ සමඟ 1, 2, 3, 7, 9, 10, 35 වන ව්‍යවස්ථාද ඇතුලු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද, ඉදිරිපත්වන සියලු කරුණුද සළකා බලා සෑම පාර්ශවයකටම ඇහුම්කන්දී සුදුසු අර්ථනිරූපණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර අදාල අධිකරණ බලය සම්බන්ධයෙන් වන මූලික විරෝධතාවය විසඳනු ඇත.නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.27)
Comments
Post a Comment