Skip to main content

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කරන ලෙස නීතීඥවරු 209ක් ඉල්ලන හෙයින් පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරද්දී හෝ වෙනත් කාරණාවකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් යොදා ගැනීම චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්ද?

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කරන ලෙස නීතීඥවරු 209ක් ඉල්ලන හෙයින් පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරද්දී හෝ වෙනත් කාරණාවකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් යොදා ගැනීම චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්ද?
1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය නොගැලපෙන බවත්, වෙනස් බවත් එය නිවැරදි විය යුතු බවත් සමාජයේ කතිකාවක් ආරම්භ වී ඇත. 2. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය (30.2) සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය (62.2) සම්බන්ධයෙන් සංශෝධනයක් ගෙනෙන විට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍යවන අතර, එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය (30.2) සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය (62.2) වසර 6කට වඩා වැඩි කරන සංශෝධන ස‍‍ඳහා පමණක් ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වුවද වසර 6ට වඩා අඩු කරන සංශෝධන සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. 3. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස්ව එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවීමෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඇත. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත පළ කර ගැනිමට නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන අතර එතුමාට එම ඉල්ලීම බාර දීම සඳහා දෙවන වරටත් ජනාධිපති ලේකම්තුමා වෙත ඉල්ලීමක් කර ඇති අතර (පළමු ඉල්ලීම එතුමා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටි හෙයින් නොහැකි විය) ඒ අනුව ජනාධිපති ලේකම්තුමා විසින් ලබා දෙන ඉදිරි දිනයක මෙම ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත. 5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත පළ කර ගැනීමට නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින් එතුමාට බාර දීම සුදුසු බවටද නීතීඥ සංගමයේ සභාපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වන කාරණය ශ්‍රී ලංකා නීතීඥ සංගමයට අමතරව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට, නීති කොමිෂන් සභාවට, අධිකරණ ඇමතිතුමාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියට, මීගමුව නීතීඥ සංගමයට, වැලිසර නීතීඥ සංගමයට, නුගේගොඩ නීතීඥ සංගමයට, හෝමාගම නීතීඥ සංගමයට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයට, කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයට, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිට, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිට, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමයට සහ විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අංශාධිපති වෙතද අවධානයට යොමු කර ඇත. 6. ඉහත කාරණා අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ දා සිටම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂය ( ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොදැක්වීම) නිවැරදි නොකර තවදුරටත් ඉදිරියට ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ ප්‍රතිඥාව / දිව්රුම කඩ කරවයි. 7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත පළ කර ගැනීමට නීතීඥවරු 209ක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම මේ වන විට විධායකයේ ආයතන කිහිපයක් දැනුවත් හෙයින් පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරද්දී හෝ වෙනත් කාරණයකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (83වන ව්‍යවස්ථාව වැනි....) තවදුරටත් යොදා ගැනීම චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන අතර එය වැළක්වීම සඳහා එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් යොදා ගත යුතු වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා නොගත යුතු තත්ත්වයක් පැන නගින අතර, එවැනි අවස්ථාවකදී එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේත්, අධිකරණ ඇමති සහ අධිකරණ අමාත්‍යාශයේ ලේකම් ඇතුලු අයගේත් නෛතික යුතුකමක් වෙයි. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.08.01)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...