Skip to main content

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි මුද්‍රණ අතර ඇති පරස්පරතා යටපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත්විය යුත්තේ ඇයි?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි මුද්‍රණ අතර ඇති පරස්පරතා යටපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත්විය යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුද්‍රණ අතර ඇති පරස්පරතාවය නිවැරදි කරගැනීමට නීතීඥවරු 209ක් විසින් සහ නීතීඥවරු නොවන පුරවැසියන් 104ක් විසින් ජනාධිපතිවරයාගෙන් 2025 අගෝස්තු 14 දින ඉල්ලීම් කර ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය එකිනෙකට පරස්පර වෙයි. මෙම පරස්පරතාවය නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පරමාධිපත්‍යය අංගයක් වන ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කරවා ඇත. ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කිරීමට පමණක් ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත්, එම කාලය වසර 6කට වඩා අඩුකර ගැනීමට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව දැක්වෙන අතර, ඒ අනුව 2015 දී ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කර ගත්තේ එනම් වසර 5ක් බවට පත්කර ගනු ලැබූයේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුද්‍රණය අනුව කටයුතු කිරීමෙන් ය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේදී එනම් ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කර ගැනීමට එනම් වසර 5ක් කිරීමට ජනමතවිචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ගත යුතු වෙයි. නීතියේ පාලනය සහ රටේ සංවර්ධනය ඇති කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ක්‍රියාත්මක කිරීමෙන් කළ නොහැකිය. එසේම තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්ද කළ නොහැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මුද්‍රණ අතර ඇති වෙනස යටපත් කර ක්‍රියා කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට හෝ ඒ ත්‍රිත්වයට එකතුවී හෝ කළ නොහැකිය. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව වෙත වන අතර පරමාධිපත්‍යය අත්හැරීමටද නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම හේතුවෙන් අයුක්තියට පත් ශ්‍රී ලාංකීය පුරවැසියන්ට යුක්තිය ඉටුවිය යුතුය. එසේම මේ වෙනස්කම් යටපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමද විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ක්‍රියාත්මකවීම නතර කර ගැනීමට නීතීඥවරු 209ක් සහ නීතීඥවරු නොවන පුරවැසියන් 104ක් විසින් 2025.08.14 දින ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශයේ https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=1686 සහ 2025.08.15 දින දිවයින පුවත්පතේ 2 වන පිටුවේ පළවූ "සිංහල මුද්‍රණයට ගැලපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි මුද්‍රණය නිවැරදි කරන්න." (දිවයින 2025.08.15) https://www.divaina.lk/main-news/22720 පුවත් මගින්ද මෙම කාරණය ජනතාවට සන්නිවේදනය වී සහ ප්‍රසිද්ධ වී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි මුද්‍රණ අතර ඇති පරස්පරතා යටපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට සහ මෙහිදී අයුක්තියට පත් පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28වන ව්‍යවස්ථාවෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛන අනුව ව්‍යවස්ථාමය යුතුකමක් පැවරී ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.08.16)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...