Skip to main content

මැතිවරණ කොමිසමත් ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබියදී ජනාධිපති ලෙස සිටි හෝ සිටින සැකකරුවෙකු ඇප ලබා ගැනීමෙන් පසු නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නැති බවට අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ මූලික විරෝධයක් ගත හැකිද?

මැතිවරණ කොමිසමත් ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබියදී ජනාධිපති ලෙස සිටි හෝ සිටින සැකකරුවෙකු ඇප ලබා ගැනීමෙන් පසු නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නැති බවට අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ මූලික විරෝධයක් ගත හැකිද?
1. යම් මුල් අවස්ථා අධිකරණයක පවරනු ලැබූ යම් නඩුවකදී හෝ නඩු කටයුත්තකදී හෝ කාරණයකදී විත්තිකරුවෙකු හෝ චූදිත පාර්ශවකරු විසින් සිය උත්තරවාද ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ බලය පිළිබඳ විරෝධය පෑම කළ යුතු බව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තියේ දක්වා ඇත. 2. පොදු දේපල පනත හෝ වෙනත් කවර නීතියක් යටතේ වුවත් අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ගනු ලැබුවහොත් එම මුල් අවස්ථා අධිකරණයට එය විභාග කර තීරණය කිරීමට හැකිය. 3. එසේ වුවත් යම් විත්තිකරුවෙකු හෝ චූදිත සැකකරුවෙකු 1978 ‍අ‍ංක 2 දරන අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධය ගනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් විභාග කර තීරණය කිරීමට මුල් අවස්ථා අධිකරණයට බලය නොලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි අන්න්‍ය අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණට පැවරීම කර ඇති හෙයින් ය. 4. මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා යවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය නිවැරදිව පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසය. 5. ඒ අනුව දැනට පවතින ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය මැතිවරණ කොමිසමට අනුවද දෝෂ සහිත වන අතර එකී දෝෂ සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හෝ යම් අධිකරණයක් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා සහ ක්‍රියා ඒ අනුවම දෝෂ සහිත වන අතර ප්‍රමාද දෝෂයකින් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා බවට පත්වන අතර (Per incurium) මේ තත්ත්වය එනම් අලුත් තත්ත්වය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දීමටත් ඒ අනුව මැතිවරණ කොමිසමද කියා සිටින ඉංග්‍රීසි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය දෝෂ සහිත වන බවට අදාල කාරණාව සහ නෛතික තත්ත්වය නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. 6. ඉහත 5වන ඡේදයේ දැක්වෙන ප්‍රමාද දෝෂයකින් ලබා දුන් නඩු තීන්දු, නියෝග හෝ ආඥා (Per incurium) බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යම් තැනැත්තෙකුට නඩුවක් පවරා පෙන්වා දීමේ අවස්‍ථාව ඇති අතර නැතහොත් අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ යම් මුල් අවස්ථා අධිකරණයකදී ගන්නා මූලික විරෝධතාවයක් මත එකී අධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125වන ව්‍යවස්ථාව යටතේ මෙම කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම යටතේ නොපමාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන්ද මේ තත්ත්වය විසඳා ගත හැකිය. 7. මේ තත්ත්වය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යෙදීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 7, 9, 10, 23, 79, 80, 83 , 125 වන ව්‍යවස්ථාද ජනාධිපතිට අයත් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද සළකා බලා සෑම පාර්ශවයකටම ඇහුම්කන්දී සුදුසු අර්ථනිරූපණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.08.27)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...