මැති, ඇමති සහ ජනපති විශ්‍රාම වැටුප් අහිමි කරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් 209ක් ජනාධිපතිට කරන ඉල්ලීමෙන් විසඳෙයිද?
මැති, ඇමති සහ ජනපති විශ්‍රාම වැටුප් අහිමි කරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කරන ලෙස නීතීඥවරුන් 209ක් ජනාධිපතිට කරන ඉල්ලීමෙන් විසඳෙයිද?
1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය නොගැලපෙන හෙයින් එය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර නිවැරදිව පළකර ගැනීමට නීතීඥවරු 209ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස දෙවන වරටත් ජනාධිපති ලේකම්තුමා වෙත ඉල්ලීමක් කර ඇති අතර (පළමු ඉල්ලීම අනුව කටයුතු කිරීමට එතුමා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටි හෙයින් නොහැකි විය) ඒ අනුව ජනාධිපති ලේකම්තුමා විසින් ලබා දෙන ඉදිරි දිනයක මෙම ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.
2. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂා විධිවිධාන අනුගමනය කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ඇති හෙයින් සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂා විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ නීති පැනවීම සිදුවිය යුතු අතර ඒ අනුව එම භාෂාවෙන් නීති ක්‍රියාත්මක විය යුතු අතර කතානායකවරයාගේ සහතිකය නොමැති භාෂාවෙන් ඇති පනත් නීති ලෙස සැළකිය නොහැකිය.
3. නීතීඥවරුන් 209ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය පරිවර්තනය කර පළකරන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීමට අදාල කාරණාව සම්බන්ධයෙන්
1. ජනාධිපති ලේකම්
2. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති
3. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක
4. නීති කොමිෂන් සභාව
5. අධිකරණ ඇමතිවරයා
6. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
7. මීගමුව නීතීඥ සංගමය
8. වැලිසර නීතීඥ සංගමය
9.නුගේගොඩ නීතීඥ සංගමය
10. හෝමාගම නීතීඥ සංගමය
11.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය
12.කොළඹ මහාධිකරණ නීතීඥ සංගමය
13. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති
14. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති
15. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
16. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති
17. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය
18. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමය
19. විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අංශාධිපති
20. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) සභාපති
21. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහලේකම්
වෙත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ලිඛිතව දැනුම් දී ඇත.
4. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය නොගැලපෙන බවත්, වැරදි බවත් නීතීඥවරු 209ක් විසින් අනාවරණය කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය සම්බන්ධයෙන් වන අධිකරණ බලයට අදාල කාරණාවක් වෙයි.
5. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය නොගැලපෙන බවත්, වෙනස් බවත් එය නිවැරදි විය යුතු බවත් නීතීඥවරු ඇතුළු සමාජයේ කතිකාවක් ආරම්භ වී ඇති හෙයින් සහ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයද මේ සම්බන්ධයෙන් දැනුවත් හෙයින් මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකිරීමේ, නොවීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම ඔවුන්ට බාර වී ඇත.
6. ඉහත කාරණා අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ දා සිටම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂය ( ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොදැක්වීම) පවතින හෙයින් තවදුරටත් ඉදිරියට ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ ප්‍රතිඥාව / දිව්රුම කඩ කරවන තත්ත්වයකි.
7. පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121 වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරද්දී හෝ වෙනත් කාරණයකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (83වන ව්‍යවස්ථාව වැනි....) තවදුරටත් යොදා ගැනීම චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වෙයි.
8. එය වැළක්වීම සඳහා එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් යොදා ගත යුතු වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා නොගත යුතු තත්ත්වයක් පැන නගින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාල වන කාරණාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරෙන විට මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කිරීම මේ සම්බන්ධයෙන් දැනුවත් විධායකයේ ආයතනවල සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාපිත යුතුකම වෙයි.
9. මැති, ඇමති සහ ජනපති විශ්‍රාම වැටුප් අහිමි කිරීමට පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කිරීමේදී අමාත්‍ය මණ්ඩලය හමුවේ මේ තත්ත්වය පෙන්වා දීම අධිකරණ ඇමතිවරයාගේ යුතුකම වන අතර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වරට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු පවරනු ලැබුවහොත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථා අතර පවතින වෙනස ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යුතුකම හෙයින් ඒ අනුව මෙම තත්ත්වය නිරාකරණය කර ගත හැකිය.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.08.04)
Comments
Post a Comment