Skip to main content

ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ 83. b නිවැරදි කිරීමට "මැකො" ජනාධිපති ලේකම්ට දැනුම්දීමත් සමඟ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කතානායකට දැනුම් දිය යුත්තේ ඇයි?

ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ 83. b නිවැරදි කිරීමට "මැකො" ජනාධිපති ලේකම්ට දැනුම්දීමත් සමඟ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කතානායකට දැනුම් දිය යුත්තේ ඇයි?
1. "ගෝටා ගෝ හෝම්" අරගලයේදී වූ සිදුවීම් මත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කතානායකවරයා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය අනුව 2022 ජුලි මස 14 වන දින සිට ඒ මහතා ජනාධිපති ධූරයෙන් නීත්‍යානුකූලව ඉල්ලා අස්වී තිබුණේ ජනාධිපති ධුරයේ කටයුතු කරගෙන යාමට නොහැකිවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමෙන් වැළකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ අරමුණෙන් ය. 2. 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රතිඥා දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 ජූලි මස 14 දින ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමය ප්‍රතිපාදන අනුව අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු විසින් 2022 ජූලි 20 දින තෝරා ගන්නා ලද අතර 2022 ජූලි 21 දින ජනාධිපති ලෙස ප්‍රතිඥා දෙනු ලැබීය. 3. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු මත පදනම් වී මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පවත්වන ලද අතර අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ 2024 සැප්තැම්බර් 23 ප්‍රතිඥා දුන් අතර ජනාධිපති ධූර කාලය වසර 5ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු අනුව එතැන් සිට වසර 5කට ජනාධිපති ධූරයේ කටයුතු එනම් 2029 සැප්තැම්බර් දක්වා ආරම්භ කළේය. 4. ජනාධිපතිවරණය වසර 5කින් පැවැත්විය යුතුය/ ජනාධිපති ධූර කාලය වසර 5ක් යන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව 2024 පවත්වන ලද අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණය අක්‍රමිකතා හෝ ඡන්ද දූෂණ නොතිබූ මැතිවරණයක් වූ අතර එම ජනාධිපතිවරණයට එරෙහිව ඡන්ද පෙත්සම් ඉදිරිපත් නොවීය. 5. සිද්ධිමය තත්ත්වයක් එසේ වුවත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය සහ එයට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදයේ පවතින නෛතික වෙනස එසේම පැවති අතර මෙම ලිපියේ කර්තෘ විසින් මෙම වෙනස නිවැරදි කර ගැනීම සඳහා නීතීඥවරුන් 200කගේ සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 100කගේ නම, ලිපිනය, දුරකථන අංක සහ අත්සන් ලබා ගෙන වරද නිවැරදි කර ගැනීමට ජනාධිපති වෙත ඉල්ලීම් කිරීමට 2025.07.07 දින ක්‍රියාවලියක් ආරම්භ කළ අතර නීතීඥවරුන් 209කගේ සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104කගේ අත්සන් ලබා ගැනීම දින කිහිපයක් තුළ සම්පූර්ණ කළ අතර මෙම ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත බාරදීමට 2025 ජූලි මස අවසන් සතියේ දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත ඉල්ලීම් කළද අවස්ථාවක් ලබා ගත නොහැකි විය. 6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදය සහ එයට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ පවතින වෙනස නිවැරදි කර ගැනීමට අදාල නීතීඥවරුන් 209කගේ සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104කගේ ඉල්ලීම් ජනාධිපති මහජන සම්බන්ධතා අංශය වෙත මෙම ලිපියේ කර්තෘද, විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතාද, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ 1වන කණ්ඩායමේ සාමාජික කේ. ඩබ්. ජයතිලක මහතාද සහභාගීත්වයෙන් 2025 අගෝස්තු 14 වන දින බාර දුන් අතර එදින සවස 6.30ට විකාශනය කළ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයේදී ඒ සම්බන්ධයෙන් පුවත විකාශනය වූ අතර https://www.youtube.com/live/s5YIqYDoGvo?si=AdVQ9iJbO1kRPFMi&t=1686 2025 අගෝස්තු 15 දිවයින පුවත් පතේ 2වන පිටුවේ https://www.divaina.lk/main-news/22720 සහ 2025 අගෝස්තු 17 සිළුමිණ පුවත් පතේ 2වන පිටුවේ ඒ සම්බන්ධයෙන් පුවත් පළ වී තිබුණි. 7. ඒ අතර මෙම ලිපියේ කර්තෘ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය සහ එයට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදයේ පවතින වෙනස නිවැරදි කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේද අවධානය යොමු කරවා තිබූ අතර ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින්ද ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමුකර එකී නිවැරදි කිරීම කර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ජනාධිපතිතුමාව දැනුම්වත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දන්වා ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ පළවූ පුවත් කිහිපයක් පහත දක්වා ඇත. (ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි... ලංකාදීප 2025.08.18) සියත https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335 දෙරණ https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd හිරු https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB සිරස https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk වොයිස් ටියුබ් https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS ද ලීඩර් https://theleader.lk/news/34587-2025-08-18-05-01-34 2. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? (ලංකාදීප) https://www.lankadeepa.lk/latest_news/1/1-677971 https://www.divaina.lk/main-news/22720 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක්? කතානායක සහතික නොකරන ඉංග්‍රීසි පනත් භාවිතය. 29වන නීති වැඩසටහන 2025 අගෝස්තු 19 කොළඹ මහජන පුස්තකාලයේදී... https://youtu.be/-DrN1fkJYAo?si=fTocgCvpaEuYpS8B 8.1 ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (b) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දීම අපරාධ නීතිය, සිවිල් නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය, රිට් නඩු නීතිය, මැතිවරණ නීතිය අදාලව පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය, අධිකරණ ස්වාධීනත්වය, තිරසර සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අදාලවද වැදගත් වෙයි. 8.2 මැතිවරණ කොමිෂන් සභාව, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 106ක් ජනාධිපති ලේකම් වෙත පෙන්වා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ වැරැද්ද ජනාධිපති ධූරකාලයට සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට සෘජුව සම්බන්ධ වන අතර එය වසර 5 ද 6ද යන ප්‍රශ්නයට අදාල වෙයි. (එනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6 ඉක්මවන සංශෝධනවලදී පමණක් ජනමතවිචාරණයක් පැවැත්විය යුතු වන අතර එම කාලය වසර 6ට වඩා අඩු කරන්නේ නම් ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6 ඉක්මවන සංශෝධනවලදී මෙන්ම වසර 6ට වඩා අඩුකරන සංශෝධනවලදී ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වෙයි.) 8.3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදය අර්ථනිරූපණය කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යොදා නීතියක් කිරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 79, 80, 83 ,125 වන ව්‍යවස්ථාද ඒ සමඟ 1, 2, 3, 7, 9, 10, 35 වන ව්‍යවස්ථාද ඇතුලු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද සළකා බලන පසුබිමක් සැකසෙන හෙයින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් වෙත යවා ඇති මෙම දැනුම්දීම ශ්‍රී ලංකාවේ නෛතික සහ දේශපාලන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ඉතා වැදගත් වෙයි. 9.1 මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට අනුව නිවැරදිව එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දීමත් සමඟම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) නැවත සමාලෝචනය කිරීමේ (ප්‍රමාද දෝෂ/ Per Incuriam) අවස්ථා මතුවන අතර වැදගත් නීතිමය අර්ථනිරූපණ කිහිපයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පහත කාරණා ඉදිරිපත් වීමේ අවස්ථා විවෘත වෙයි. අ. 2024 පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජයගත් ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජනාධිපති ධූරය කාලය වසර 6ක් බවත්, පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් බවත්, ආ. අනුර දිසානායක මහතාගේ ජනාධිපති ධූරකාලය ආරම්භ වන්නේ 2025 නොවැම්බර් 18 සිට බව සහ ඔහුගේ ජනාධිපති ධූර කාලය 2031 නොවැම්බර් දක්වා පවතින බව. ඇ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 ජූලි මස 14 දින ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමය ප්‍රතිපාදන අනුව අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු විසින් 2022 ජූලි 20 දින තෝරා ගන්නා ලද හෙයින් සහ 2022 ජූලි 21 දින ජනාධිපති ලෙස ප්‍රතිඥා දී ඇති හෙයින් ඔහුගේ ජනාධිපති ධූර කාලය 2025 නොවැම්බර් 18 දක්වා පවතින බව. ඈ. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව පවරා ඇත්තේ ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ ධූර කාලය අවසන් වීමෙන් පසුව නොවන හෙයින් එය පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය තිබේද යන්න, 9.2 ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැන්වීමත් සමඟ රනිල් වික්‍රමසිංග මහතාගේ ජනාධිපති ධූරය සහ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාගේ පාර්ලිමේන්තු කටයුතු අනීතික ක්‍රියාදාමයක් මගින් වළක්වා ඇති තත්ත්වය සහ එය දණ්ඩ නීති සංග්‍රහයේ 113.අ, ආ, 114, 115, 119 වගන්ති වලින් හඳුන්වාදී ඇති අපරධ වැරදි සංයුක්ත කරන තත්ත්වයක් උද්ගත කරවන හෙයින්, එයට අදාල කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 21 වන වගන්තියේද දැක්වෙන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හතරවන උපලේඛනය අනුව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති පරිසරයක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (ආ) ව්‍යවස්ථාව:ප්‍රකාරව ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම රනිල් වික්‍රමසිංහ මහතාට කළ හැකි එක් සුදුසු පියවරක් වෙයි. 10. මූලික / උත්තරීතර නීතියේ දක්වා ඇති ආකාරයට සහ ඒ මත රටක පාලනය නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ තිරසර සංවර්ධනයේ ආලෝකය රටේ ජනතාවට නොලැබේ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.09.02)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...