Skip to main content

ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.

ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.
ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ BR/1784/PC/25 නඩුවේ (ත්‍රී’මලේ පිළිම නඩුව) ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවා නිවැරදි කිරීමට සහ ඉදිරියේදී එවැනි අත්වැරදීම් හෝ දෝෂ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා 2026 ජනවාරි 30 දින අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. එම නඩුව 2026.01.19 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන් මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට එම නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් එම නඩුව 2026.01.21 දින විවෘත අධිකරණයේ කැදවීමට මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවත්, කරුණු තහවුරු කිරීමෙන් පසු සම්පූර්ණ නඩු වාර්තාවේ සහතික පිටපතක් ලබා ගැනීමට මහේසත්‍රාත්තුමා විසින් නියෝග කළ බවත් එකී ඉල්ලීමේ දැක්වේ. එම ඉල්ලීමට අනුව 2026.01.21 දින නඩුව කැදවීමෙන් පසු දෙමළ භාෂාවෙන් ලඝු ලේඛනය කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව එම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමටද එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එයටද නියෝග ලබා දුන් බවත් එම නීතීඥවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත පෙන්වා දී ඇත. ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් 2026.01.23 වන දින එම නඩු වාර්තාවේ සහතික පිටපත එම නීතීඥවරයාට නිකුත් කර ඇති අතර, එකී සහතික පිටපත අධ්‍යයනය කිරීමේදී ලඝු ලේඛනය කිරීම / සටහන් ඇතුළත් කිරීමේදී අත්වැරදීම් හෝ දෝෂ කිහිපයක් සිදුවී ඇති බව නීතීඥවරයා විසින් එම නඩු වාර්තාවේ පිටු ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත. 2026.01.19 දින පෙ.ව. 10.15 සිට පෙ.ව.10.20 දක්වා කාලයක් දෙපාර්ශවය විසින් අධිකරණයේ කරුණු දක්වා ඇති බවත්, විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම්/සටහන් පමණක් සහතික පිටපතේ තිබුණද, අනෙක් පාර්ශවයේ කරුණු/ සටහන් සහතික පිටපතේ නැති බවත්, 2026.01.19 දින පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් 2කගේ නම් පමණක් සටහන් කර ඇති අතර මෙම නඩුවට එදින පෙනී සිටි අනෙක් පොලිස් නිලධාරීන්ගේ නම් සටහන් කර නැති බවත්, මෙම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට 2026.01.21 දින එම නීතීඥවරයා විසින් එම අධිකරණයට කර ඇති ඉල්ලීම සහ එයට ලබා දුන් නියෝගය 2026.01.21 දින නීති කෘත්‍යයන්වල සදහන් වන්නේ නැති බව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රේජිස්ට්‍රාර් මහත්මිය එම නීතීඥවරයා වෙත ප්‍රකාශ කර ඇති බවත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇත. එම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදු වී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කරන ලෙසත් ඉදිරියේදී ඒ ආකාරයට අත්වැරදීම් හෝ දෝෂ සිදුවීමට අවස්ථාව නොදෙන ලෙසත් ගරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඔහු ඉල්ලා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත යොමු කළ මෙම ඉල්ලීමේ පිටපත් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙතද, නීතිපතිවරයා වෙතද යොමු කර ඇත. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකතන 0712063394 (2026.01.31)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...