Skip to main content

ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.

ත්‍රී’මලේ පිළිම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කිරීමටත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතීඥවරයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගෙන් ඉල්ලයි.
ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ BR/1784/PC/25 නඩුවේ (ත්‍රී’මලේ පිළිම නඩුව) ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇති අත්වැරදීම් හෝ දෝෂ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවා නිවැරදි කිරීමට සහ ඉදිරියේදී එවැනි අත්වැරදීම් හෝ දෝෂ සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා 2026 ජනවාරි 30 දින අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. එම නඩුව 2026.01.19 දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන් මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට එම නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් එම නඩුව 2026.01.21 දින විවෘත අධිකරණයේ කැදවීමට මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවත්, කරුණු තහවුරු කිරීමෙන් පසු සම්පූර්ණ නඩු වාර්තාවේ සහතික පිටපතක් ලබා ගැනීමට මහේසත්‍රාත්තුමා විසින් නියෝග කළ බවත් එකී ඉල්ලීමේ දැක්වේ. එම ඉල්ලීමට අනුව 2026.01.21 දින නඩුව කැදවීමෙන් පසු දෙමළ භාෂාවෙන් ලඝු ලේඛනය කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව එම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමටද එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එයටද නියෝග ලබා දුන් බවත් එම නීතීඥවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත පෙන්වා දී ඇත. ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් 2026.01.23 වන දින එම නඩු වාර්තාවේ සහතික පිටපත එම නීතීඥවරයාට නිකුත් කර ඇති අතර, එකී සහතික පිටපත අධ්‍යයනය කිරීමේදී ලඝු ලේඛනය කිරීම / සටහන් ඇතුළත් කිරීමේදී අත්වැරදීම් හෝ දෝෂ කිහිපයක් සිදුවී ඇති බව නීතීඥවරයා විසින් එම නඩු වාර්තාවේ පිටු ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත. 2026.01.19 දින පෙ.ව. 10.15 සිට පෙ.ව.10.20 දක්වා කාලයක් දෙපාර්ශවය විසින් අධිකරණයේ කරුණු දක්වා ඇති බවත්, විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම්/සටහන් පමණක් සහතික පිටපතේ තිබුණද, අනෙක් පාර්ශවයේ කරුණු/ සටහන් සහතික පිටපතේ නැති බවත්, 2026.01.19 දින පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් 2කගේ නම් පමණක් සටහන් කර ඇති අතර මෙම නඩුවට එදින පෙනී සිටි අනෙක් පොලිස් නිලධාරීන්ගේ නම් සටහන් කර නැති බවත්, මෙම නඩුවේ දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට 2026.01.21 දින එම නීතීඥවරයා විසින් එම අධිකරණයට කර ඇති ඉල්ලීම සහ එයට ලබා දුන් නියෝගය 2026.01.21 දින නීති කෘත්‍යයන්වල සදහන් වන්නේ නැති බව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රේජිස්ට්‍රාර් මහත්මිය එම නීතීඥවරයා වෙත ප්‍රකාශ කර ඇති බවත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇත. එම නඩුවේ ලඝු ලේඛනය කිරීම/ සටහන් ඇතුළත් කිරීමේදී සිදු වී ඇති අත්වැරදීම් හෝ දෝෂ නිවැරදි කරන ලෙසත් ඉදිරියේදී ඒ ආකාරයට අත්වැරදීම් හෝ දෝෂ සිදුවීමට අවස්ථාව නොදෙන ලෙසත් ගරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඔහු ඉල්ලා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් වෙත යොමු කළ මෙම ඉල්ලීමේ පිටපත් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙතද, නීතිපතිවරයා වෙතද යොමු කර ඇත. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකතන 0712063394 (2026.01.31)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...