Skip to main content

පළාත් සභා ඕනෑ කියන සංවිධාන සහ තැනැත්තෝ පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම එක් දින නීති වැඩමුළුව 2026 මාර්තු 15 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී

එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව (සිංහල මාධ්‍ය) * 35වන නීති අධ්‍යාපන වැඩසටහන නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට / විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට / නීති ක්‍රියාකාරකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. 1. පළාත් සභා ඕනෑ කියන සංවිධාන සහ තැනැත්තෝ පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) විෂයන් ඉවත් වන ලෙස / පරිච්චින්න වන ලෙස 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එද්දී පළාත් සභා ප්‍රේමීන් නෛතික විරෝධය නොදැක්කුවේ ඇයි? 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදය සහ එහි ඉංග්‍රීසි ඡේදයේ (83.b) ඡේදයේ භාෂා පාඨ අතර ඇති වෙනස්කම් නිවැරදි කිරීමට 2025 දී මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දීම තුළ ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර 6කින් වන ආකාරය 4. සේපාල ඒකනායක අලිතාලියා ගුවන් යානා පැහැර ගැනීම, අතීතයට බලපාන නීති පැනවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 අනුව්‍යවස්ථාවේ පිහිටුවන බුද්ධ සාසන උත්තරීතර අධිකරණය සහ විහාරස්ථාන නඩුකටයුතු ස‍ම්බන්ධ මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය අහිමි වීම. 5. ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වරට සිරදඬුවම් නියම කරන තැනැත්තන්ට සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබ‍ඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ (ICCPR) හිමි විය යුතු අභියාචනා අවස්ථාව ලබා ගන්නේ කෙසේද? 2026 මාර්තු 15 ඉරිදා පෙ.ව. 9ට කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී (සහභාගීවන අයට සහතික පතක් / නීති සටහන් සහ දිවා ආහරය සපයනු ලැබේ) ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න. https://neethiyalk.blogspot.com/2026/02/3-20260315.html?m=1 සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 *මෙම නීති අධ්‍යාපන වැඩසටහන පවත්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ උපදේශනය පිළිබව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ නීති කෘතීන් 11ක් පළකර ඇති, නීතිය පිළිබද ජාතික පුවත් පත්වල, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යයේ ලිපි 530ක් පමණ ලියා ඇති, දිවයිනේ විවිධ ප්‍රදේශවල නීති අධ්‍යාපන වැඩසටහන් පවත්වා ඇති නීතීඥවරයෙකු විසිනි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...