විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ වරද නිවැරදි කිරීමට වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් 2024 ගෙනා "22" වගකීමෙන් බැහැරවීමට වික්‍රමසිංහ ජනාධිපතිගේ අමැති මණ්ඩල සාමාජිකයන්ට පුලුවන්ද?
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ වරද නිවැරදි කිරීමට වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් 2024 ගෙනා "22" වගකීමෙන් බැහැරවීමට වික්‍රමසිංහ ජනාධිපතිගේ අමැති මණ්ඩල සාමාජිකයන්ට පුලුවන්ද?
1. 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද එය නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ඇති බවත්, එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතුබව ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 2024.07.19 දින එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් නිවැරදි කිරීමට 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලදී.
3. වර්තමානයේ සාකච්ඡා කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ගෙන ඒමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ පවතින දෝෂය සම්බන්ධයෙන්ද නීති කතිකාවක් ජනතාව අතර ඇති වී පවතින අතර 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මෙහිදී නෛතික පදනම සපයයි.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් නිවැරදි කිරීමට 2024 සිටි අමාත්‍ය මණ්ඩලය සහ පාරින්ද රණසිංහ නීතිපතිවරයා අනුමැතිය දී තිබූ අතර එකී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ දක්වා නීතියක් ලෙස සම්මත වී නොතිබුණද නීතිපතිවරයාට සහ එවකට සිටි අමාත්‍ය මණඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂය සම්බන්ධයෙන් තමන් එදා ගත් ස්ථාවරයෙන් බැහැරව යාමට අද හැකිද සහ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම යටතේ හිටපු අමාත්‍යවරුද බැඳී සිටීද යන්න වැදගත් නෛතික ප්‍රශ්න වෙයි.
5.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ වරද නිවැරදි කිරීමට වික්‍රමසිංහ ජනාධිපති විසින් පාරින්ද රණසිංහ නීතිපතිගේ සහ ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් 2024 ගෙනා "22" ට එරෙහි වීමට වික්‍රමසිංහ ජනාධිපතිගේ අමැති මණ්ඩල සාමාජිකයන්ට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමේදී පුලුවන්ද? යන්න 2026 අගෝස්තු 18 අඟහරුවාදා (සවස 2-6) කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී පවත්වන නීති අධ්‍යාපන වැඩසටහනේදී සාකච්ඡා කරනු ලැබේ.
සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ
අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments
Post a Comment