විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාම සම්බන්ධයෙන් "මුව හමකට තඩි බෑමෙන්" නීතිපති පිළිගෙන ඇති ව්‍යවස්ථාවේ වැරද්ද සහ මැ.කො විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දුන් ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ වරද යටපත් කළ හැකිද? *
විනිසුරු ධූර කාලය වැඩි කිරීමට එරෙහිව මුව හමකට තඩි බෑම....*
විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාම සම්බන්ධයෙන් "මුව හමකට තඩි බෑමෙන්" නීතිපති පිළිගෙන ඇති ව්‍යවස්ථාවේ වැරද්ද සහ මැ.කො විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දුන් ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ වරද යටපත් කළ හැකිද? *
1. මෙම දිනවල විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරගෙන යන බවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ සහ නීති ක්ෂේත්‍රයේත් ප්‍රසිද්ධ සාකච්ඡාවක් සහ විවේචනයක් ඇති වී තිබේ.
2. එක්තරා විනිසුරුවරයෙකු තව දුරටත් ධූරයේ තබා ගැනීමටත්, වෙනත් විනිසුරුවරුන්ට ඉහළ අධිකරණ වලට යාම වැළැක්වීමටත් විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් උත්සාහ කරන බවට විවේචකයෝ කියා සිටිති.
3."හේන මුවන් කෑවාට ගෙදර ගෙනවිත් මුව හමට තඩි බෑම", "නංගී පෙන්වා අක්කාව දීග දීම" යනු සිංහල කියමන් වන අතර, "විදින්නෙ පදුරට වදින්නෙ හාවට" යන්නද සිංහල කියමනක දිගුවකි.
4. ජනාධිපති ධූර කාලය වසර 6ක් කියූ නීතීඥවරයෙකුට ලක්ෂ 5ක නඩු ගාස්තු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වරදක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් නීතිපතිගේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 ගැසට් පත්‍රයේ පළ වීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති බවත් සමහරු නොදන්නවා විය හැකිය.
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වරදක් ඇති බව නීතිපති පිළිගෙන තිබියදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබියදී එම වැරදි නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේදී දෝෂ සහිත 83 වන ව්‍යවස්ථාව සමඟ එකී කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලත්වය සළකා බැලීමට නොහැකිය.
6. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි තිබියදී එම වැරදි නිවැරදි නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් නොව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා ගෙනා නොහැකිය.
7. විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාමේදී එයට එරෙහිව මෙවැනි සංකීර්ණ නීති බලපෑමක් මතු වී තිබියදී නීති ක්ෂේත්‍රයේත්, මාධ්‍ය ක්ෂේත්‍රයේත් ඇතැම් අය එක්තරා විනිසුරුවරයෙකු ඉලක්ක කර ගනිමින් "මුව හමකට තඩි බාමින් සිටීම" ජනතාවගේ පරමාධිපත්‍යයටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාමය යුතුකමටත් පටහැනි වේ.
(මේ සම්බන්ධයෙන් 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී පැවැත් වේ)
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394
83වන ව්‍යවස්ථාවේ වරදක් ඇති බවට නීතිපතිගේ අනුමැතියෙන් 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් නොකළොත් විනිසුරු කාලය වැඩි කිරීමට ජනමතවිචාරණයක් ඕනෑ...! *
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වරද නිවැරදි නොකර සිදුකරන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ජනමතවිචාරණයක් ඕනෑ...! *
* "If the 22nd Constitutional Amendment Bill—which was gazetted on 18.07.2024 under Article 78 of the Constitution with the approval of the Attorney General on the grounds that there is an error in
* Article 83—is not enacted into law, a referendum is required to extend the tenure of judges...!"
Any constitutional amendment that is made without correcting the existing errors in the Article 83 of the Constitution requires a referendum...!
මේ සම්බන්ධයෙන් අදාලව පවත්වන 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපනවැඩසටහන 2026අගෝස්තු 18 අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී පැවැත් වේ)


Comments
Post a Comment