13 සහ පළාත් සභා පිහිටුවීම අභියෝගවන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට....
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවීමේ කාරණාවේදී නීතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතක් බවත්, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අභියෝග කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.08.28) පෙත්සමක් ඉදිරිපත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ අසූ තුන (b) ඡේදය මගින් කරුණු දැක්වමින් 1987 දී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද, 2015 වර්ෂයේ දී ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද නීතීඥවරුන් විසින් වරදක් කර ඇති අතර එය ව්‍යවස්ථා වංචාවක් බවටද පත් වෙමින් වංචාවෙන් කරන දේ එනයින්ම බල රහිත වන ( Fraud omnia vitiate - fraus omnia vitiat - fraud vitiates everything) නීති සිද්ධාන්තය අදාල වන නෛතික තත්ත්වයක් මතු වෙන බවද, එය ඒකීය බවට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැනි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිලිගෙන ඇති නීති පැනවීමේ භාෂාවෙන් පනවා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිස වෙනත් භාෂාවකින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් භාවිතයට ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැනි බවත් වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කළේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල පිටපත සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පිටපතේ භාෂා වෙනස්කම් කිහිපයක් පවතින බවත්, එක් වෙනස්කමක් වන 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අතර ඇති වෙනස නිවැරදි කරන ලෙස 2026.08.11 දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බවත් එකී ලේඛනයද ඒ මහතා සිය පෙත්සම මගින් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අවධානයට යොමු කර ඇත.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථා 12 අතරින් ව්‍යවස්ථා 3ක් එකිනෙකට පටහැනිව ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන්ද එය මේ දක්වා නිවැරදි නොකිරීමේ හේතුව මතද මෙම පනත් කෙටුම්පතට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවත් නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.
එබැවින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් 2026.08.18 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කර පළමු වරට කියවන ලද 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 1,2, 3, 6 ,7,8,9,10,11,23, 30(2), 62(2) සහ 83 (අ) ව්‍යවස්ථාවලට අනනුකූල බවත් ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව 2/3 ඡන්ද සංඛ්‍යාවකින් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවන බවට තීරණය කරන ලෙස ද එම පෙත්සම මගින් නීතීඥවරයා ඉල්ලා තිබේ.
එම පෙත්සමේ පිටපත් පාර්ලිමේන්තු කථානායකවරයාට හා නීතිපතිවරයාට යැවීමට ද පෙත්සම්කාර නීතිඥවරයා පියවර ගෙන ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.08.28)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

නියමයි
ReplyDelete