ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරස්පර ව්‍යවස්ථා නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න එපා... නීතීඥවරු ජනාධිපතිට කියයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරස්පර ව්‍යවස්ථා නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න එපා...
නීතීඥවරු ජනාධිපතිට කියයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 එකිනෙක පරස්පරව තිබියදී එය නිවැරදි නොකර 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවීමට සළස්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් විස්තරාත්මක නීතිමය විවරණයක් සහිතව
අරුණ ලක්සිරි සහ අජිත් බන්දුල නීතීඥවරුන් 2026.08.14 දින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බාර දෙන ලෙස පිටු 16ක සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ දෝෂයක් නිවැරදි කිරීමට වත්මන් නීතිපතිවරයාගේ අනුමැතියෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සසංශෝධනය 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් එම නීතිපතිවරයාම ඒ සම්බන්ධව ඇමති මණ්ඩලයේ අවධානය යොමු නොකර 2026 දී වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මැයෙන් ගෙන ඒමට අනුමැතිය දී ඇති බවත් එහි වෙනත් කරුණු අතර දැක්වේ.
මේ සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාක්ච්ඡාවක්ද එම නීතීඥවරු පවත්වා ඇත.
එසේම එම සංදේශයේ පිටපත් හර්ෂණ නානායක්කාර අධිකරණ ඇමතිවරයාටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ටත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්ටත් යොමු කර ඇත.
එම සංදේශයේ පිටපතක් අවශ්‍යනම් පහත දුරකථන අංකය විමසීමෙන් ලබා ගත හැකිය.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments
Post a Comment