මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකිරීම හේතුවෙන් විනිසුරු කාලය වැඩිකිරීමේ සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය වෙයි.
මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකිරීම හේතුවෙන් විනිසුරු කාලය වැඩිකිරීමේ සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය වෙයි.
1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදයේ දැක්වෙන 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා තිබියදී [ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b. ඡේදයේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා වල කාලය වසර 6කට වැඩිකරන සංශෝධන වලට පමණක් ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා ඇත.(which would extend) එම කාලය අඩුකරන සංශෝධන වලට ජනමතවිචාරණයක් අවශ්‍ය බව දක්වා නැත] ජනමතවිචාරණයක් නොපවත්වා 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත අනුව නීති පනවා ගැනීම වර්ෂ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකර ඇති අතර, කතානායක සහතිකය යොදා ඇති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වී ඇත.
2. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය නොකර එනම් ජනමතවිචාරණයකට නොගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර නීතියක් කරගෙන තිබේ. (කතානායකවරයා සහතික/ අත්සන් කර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කිරීම නීතියක් වී ඇත)
3. දැන් ගැටලුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සංශෝධනය/ නිවැරදි නොවීමය. එනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b ඡේදයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදය සංශෝධනය/ නිවැරදි කිරීම මේ දක්වා සිදුවී නැත. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය සමඟ සමපාතකර නැත/ නිවැරදි කර නැත/ සංශෝධනය කර නැත)
4. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදයේ සඳහන් 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා "සංශෝධනය හෝ" වෙනුවට 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා "වසර 6කට වඩා වැඩිකරන සංශෝධන" ලෙස වන ආකාරයට සංශෝධනය වී නැත.
5.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සංශෝධනය කිරීම මුලින් කළ යුතු අතර, එසේ නොකර විනිසුරු කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට පටහැනි වන අතර, නමුත් නීති පැනවීමේ ජනතාව සතු පරමාධිපත්‍යය බලය යටතේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3ක ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමතවිචාරණයක් මගින් අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා සහතිකය/ අත්සන් කිරීමෙන් නීතියක් බවට පත් කළ හැකිය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) (සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394

Comments
Post a Comment