ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි ව්‍යවස්ථා තිබියදී විනිසුරු කාලය වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනයකට නීතිපති අනුමැතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පැහැදිලිකර ගැනීමට පමණක් යොදා ගන්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි ව්‍යවස්ථා තිබියදී විනිසුරු කාලය වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනයකට නීතිපති අනුමැතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද?
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පැහැදිලිකර ගැනීමට පමණක් යොදා ගන්න)
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ.
2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අර්ථනිරූපණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරගෙන කතානායක සහතිකයද ගෙන නීතියක් කරගෙන ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර ඇත. (ඉංග්‍රීසි පිටපත අනුව)
3. දැන් පැන නගින ගැටළුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ යන්න තවමත් පැවතීම විහිළු සහගත තත්ත්වයට පත් වීම වන අතර, ජනමතවිචාරණයක් නොපවත්වා 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනය කර ගැනීම මගින් 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදයට පටහැනි වීමය.
4. එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එකිනෙකට පටහැනි ව්‍යවස්ථා පැවතිය නොහැකි අතර එවැනි ව්‍යවස්ථා ලෝකයේ තවත් තිබේද යන්න විමසා බැලීම ව්‍යවස්ථා විශාරදයන්ගේ යුතුකමය.
5. එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එකිනෙකට පටහැනි ව්‍යවස්ථා පවතිද්දී ඒ පිළිබඳ අවධානය යොමු නොකර එම පටහැනිතා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට නීතිපතිවරයා අවසර ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ සිය යුතුකම ඉටු කිරීමක් නොවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාවටද ඔහු ලක් විය හැකිය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) (සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394

Comments
Post a Comment