ඉංග්‍රීසි භෂාවෙන් පරිවර්තන ලෙස මුද්‍රණය කරන පනත් වලට කතානායකවරයාගේ සහතිකය යෙදීම සහ එය පරිවර්තනයක් බව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥවරයෙකු රජයේ මුද්‍රණාලයෙන් තොරතුරු විමසයි.
ඉංග්‍රීසි භෂාවෙන් පරිවර්තන ලෙස මුද්‍රණය කරන පනත් වලට කතානායකවරයාගේ සහතිකය යෙදීම සහ එය පරිවර්තනයක් බව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥවරයෙකු රජයේ මුද්‍රණාලයෙන් තොරතුරු විමසයි.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකිව තිබියදී සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තේ පනතේ පරිවර්තනයක් හෙයින් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ යුතු ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන වන පනත්වලට කතානායකවරයා සහතිකය යොදා ඇති බවට මුද්‍රණය කිරීම සහ එය පරිවර්තනයක් බව සටහන් නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් රජයේ මුද්‍රණාලයේ තොරතුරු නිලධාරීගෙන් පහත තොරතුරු විමසා ඇත.
1. ඉංග්‍රීසි භාෂාවෙන් වන පනත් වලට කතානායකවරයා සහතිකය යොදා ඇති බවට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණලාධිපති වෙත උපදෙස් ලබා දී ඇත්තේ කවුද?
2. එසේ උපදෙස් ලබා දී ඇත්තේ කවදද?
3. ඉංග්‍රීසි භාෂාවෙන් වන පනත් පරිවර්තන බවට මුද්‍රණය නොකිරීමට රජයේ මුද්‍රණලාධිපති වෙත උපදෙස් ලබා දී ඇත්තේ කවුද?
4. එසේ උපදෙස් ලබා දී ඇත්තේ කවදද?
5. ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මුද්‍රණය කිරීමට ක්‍රියා කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේද?
https://neethiyalk.blogspot.com/2026/08/blog-post_12.html?m=1
සමායෝජක, වෛද්‍ය තිලකා පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394.


Comments
Post a Comment