මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වරදක් නිවැරදි කිරීමට ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින දැනුම් දීමෙන් පසු ශ්‍රී ලංකාවේ නීතියට වන බලපෑම...!
මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වරදක් නිවැරදි කිරීමට ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින දැනුම් දීමෙන් පසු ශ්‍රී ලංකාවේ නීතියට වන බලපෑම...!
1. ජනාධිපති ධූර කාලය වසර 6කි.
2. පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කි.
3. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.
4. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති ධූරයට අදාලව වසරක හිඟ වැටුප් ලැබිය හැකිය.
5. රනිල් වික්‍රමසිංහ හිටපු අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ජනාධිපති ධූරයට අදාලව වසරක හිඟ වැටුප් ලැබිය හැකිය.
6. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබූ සියලු නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.
7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b. ඡේදය යොදා ගනිමින් පැනවූ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.
8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි පිටපතේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය යොදා ගනිමින් ජනමතවිචාරණයක් නොපවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද සංශෝධන නිවැරදි නොකර කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නීතියක් පැනවීම කළ නොහැකි වීම.
9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි පිටපතේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය යොදා ගනිමින් ජනමතවිචාරණයක් නොපවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමේ ව්‍යවස්ථා වංචාව කරන ලද අයට එරෙහිව නීතිමය පියවර ගැනීම.
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත 2025.08.11 දින ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක වැරදි ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත යොදා ගැනීමෙන් සිදුකර ඇති වැරදි නිවැරදි කිරීමද ඒ සමගම සිදුවිය යුතුය.)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394.
(2026.08.30)


Comments
Post a Comment