අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කිහිප දෙනෙකු කතා කරන්නේ මැකො ජනාධිපති ලේකම්ට 2025.08.11 යැවූ ලිපියෙන් එළිවෙන ව්‍යවස්ථා වංචාකරුවන් ගැලවීමටයි....නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කිහිප දෙනෙකු කතා කරන්නේ මැකො ජනාධිපති ලේකම්ට 2025.08.11 යැවූ ලිපියෙන් එළිවෙන ව්‍යවස්ථා වංචාකරුවන් ගැලවීමටයි....
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2026.09.20 දින හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන දේශන ශාලාවේදී පැවැති විශේෂ නීති අධ්‍යාපන වැඩසටහනේදී....
මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දැනුම් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පාඨය නිවැරදි නොකළහොත් නැවත ලංකාවේ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවෙත්වේවි...!
(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2026.09.20 දින හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන දේශන ශාලාවේදී පැවැති විශේෂ නීති අධ්‍යාපන වැඩසටහනේදී....)
ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි රටක් වීමට ප්‍රධාන හේතුව පාර්ලිමේන්තුවට සම්මත කළ නොහැකි, කතානායකට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත්වල ඇති භාෂා වැරදි නීතිය ලෙස ක්‍රියාත්මක වීමය.
උදා :
1. පාර්ලිමේන්තුව සම්මත නොකරන,
කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් සඳහා මුද්‍රණාලාධිපති විසින් කතානායක සහතිකය මුද්‍රණය කිරීම.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති 2025.08.11 දින ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබීම.
3. 13වන, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි භාෂා
පිටපතේ 83.b ඡේදය අදාල කරගනිමින් තීරණයට එළඹී තිබීම.
(මේ හේතුවෙන් පළාත් සභා නඩත්තු කිරීමට, වසර 5කින් ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තුව මැතිවරණ පැවත්වීමට අධික මුදලක් නීතියට පටහැණිව වැය කිරීමට ජනතාවට සිදුවී ඇත)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
(2026.09.20 දින පැවති 37වන නීති අධ්‍යාපන වැඩසටහනේදී)
නීති අධ්‍යාපන වැඩසටහන් සඳහා විමසීම දුරකථන 0712063394.
(2026.09.20)





Comments
Post a Comment