Skip to main content

22 තීරණයටත් මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළේ ඇයි?

22 තීරණයටත් මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළේ ඇයි?
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වෙනස්කම් කිහිපයක්ම පවතී. 2. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 49 සහ 51 ව්‍යවස්ථා අනුව ජාතික රාජ්‍ය සභාව විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවනු ලැබ ඇත. 3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යනු ජනමතවිචාරණයක් මගින් සංශෝධනය කිරීම කළ යුතු ව්‍යවස්ථා 12 දක්වා ඇති ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන බලවත්ම ව්‍යවස්ථාවයි. 4. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (අ) සහා (ආ) ලෙස ඡේද 2ක් වෙයි. 5. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ ඊට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය වෙනස් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත 2025.08.11දින දන්වා යවා ඇත. 6. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අවස්ථා ගණනාවකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ විධිවිධාන යොදා ගනිමින් පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබ‍ඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. 7. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් SC/ SD/ 37/2026 සහ SC/ SD/ 66/2026 පෙත්සම් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඒ මහතා වෙත 2025.08.11 දින යොමු කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස ජනාධිපති ලේකම් වෙත දැනුම් දුන් බවට වන ලිපියේ පිටපතක්ද ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දක්වා ඇත. 8. එකී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනාධිපති ලේකම් වෙත යොමු කළ 2025.08.11 දිනැති ලිපියේ පිටපතක් තොරතුරු පනත යටතේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගැනීමට පුරවැසියන් ට අවස්ථාව ඇත. 9. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ 2026.09.22 දින සිට පළවී ඇති අතර එය අධ්‍යයනය කරගෙන යාමේදී ඉහත මැතිවරණ කොමිසමේ ලිපිය මගින් මතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා වරද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැති බව පෙනී යයි. 10. එසේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වැරදි ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය තව දුරටත් යොදා ගනිමින් ලබා දී කතානායකතුමාට යොමු කර ඇති අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි පිටපතෙන් ලබා දී ඇත. 11.) 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයටත් මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළේ ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6ක් බව තහවුරු වීමත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවීමත් වැළැක්වීමටද යන්න ඉදිරියේදී විසඳිය හැකි නෛතික ප්‍රශ්නයකි. වෛද්‍ය තිලක පද්මා අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2026.09.22)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...