Skip to main content

මැකො පෙන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව වගේම 104 ව්‍යවස්ථාවේත් සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ වෙනස්....ජනාධිපති ලේකම්‍ට එරෙහිව නඩුවේදී නීතීඥවරයා කියයි....

මැකො පෙන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව වගේම 104 ව්‍යවස්ථාවේත් සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ වෙනස්....ජනාධිපති ලේකම්‍ට එරෙහිව නඩුවේදී නීතීඥවරයා කියයි....
පසුගිය 25 වන සිකුරාදා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. වගන්තිය යටතේ නඩු පැවරීමක් කර තිබූ අතර 2026.09.30 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැදවනු ලැබීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ 2025.08.11 දිනැති ලිපියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය 289 වගන්තිය යටතේ වන ව්‍යවස්ථාපිත යුතුකම නොසළකා හැරීම සහ/හෝ නොකර හැරීම සහ/හෝ නොපිළිපැදීම සහ/හෝ කඩකිරීම අදාලව නඩු විභාග කිරීමට අධිකරණ බලය ඇති වරදක් සිදුකර ඇති බවට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. අනුවගන්තිය අනුව කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලක් මත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි. නඩුව විවෘත අධිකරණයේ කැදවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාර නීතීඥ අරුණ ලක්සිරි මහතා තමන් වෙනුවෙන් පෙනී සිටි අතර මෙම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණයකට අදාලද යන්න මහේස්ත්‍රාත්තුමා විමසූ අවස්ථාවේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 48, 47 සහ 51 ව්‍යවස්ථා යටතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨ ක්‍රියාත්මකවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ ඉංග්‍රීසි භාෂා පාඨය සිංහල භාෂා පාඨයට අනුව නිවැරදි කිරීමට බවත් ඉංග්‍රීසි භාෂා පාඨ නිවැරදි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණයක් නොවන බවත් අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. එසේම ජනාධිපති ලේකම්වරයා විසින් සිදුකර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්‍තියේ චෝදනාවේ වරදට අදාල ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකිරීමේ චෝදනාවට අදාල මැතිවරණ කොමිසමේ බලතල දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ වලද වෙනස්කම් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨ ඇසුරෙන් මෙම නඩුවේදී කරුණු දක්වන බවත් පැමිණිලිකාර නීතීඥ අරුණ ලක්සිරි මහතා මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කරන ලදී. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්තුමා මෙම නඩුවේ කාරණා අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවත්, පැමිණිලිකරුම පෞද්ගලිකව අධිකරණයේ කරුණු දක්වන හෙයින් පෞද්ගලික පැමිණිලි වාචිකව ඉදිරිපත් කිරීමට නීති ප්‍රතිපාදන පවතින හෙයින් පැමිණිල්ලේ කරුණු දැක්වීම් නොවැම්බර් 04 දිනට සිදුකිරීමට නියෝග කළේය. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.09.30)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...