කතානායක සහතිකය හොරට ගහලා…! මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්....
කතානායක සහතිකය හොරට ගහලා…! මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්....
කතානායක සහතිකය හොරට යෙදීම සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිල්ලක්...
කතානායක සහතිකය හොරට යොදා අසත්‍ය ලේඛන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිට, මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව කොළඹ වංචා විමර්ශනයට පැමිණිලි
කතානායකවරයා සහතික නොකරන ලේඛනයකට කතානායකවරයාගේ සහතිකය ව්‍යාජ ලෙස ඇතුළත්කර සටහන් කර අසත්‍ය ලේඛන සාදමින් අන්තර්ජාලයට මුදාහැර වැරදි කිරීම, ව්‍යවස්ථාපිත යුතුකම ඉටුනොකිරීම සහ පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ 08, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, අංක 118, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපති ප්‍රසන්න ජයරත්න මහතාට සහ කොළඹ 05, පොල්හේන්ගොඩ, කිරුළපන මාවත, ඇසිදිසි මැඳුර,163, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ඉදිරිපත් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියෙන් (www.documents.gov.lk) 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ පිටපතක් බාගතකර මුද්‍රණය කරගත් බවත්, එහි පිටත පිටුවේ සහ 1වන පිටුවේ වරහන් තුළ certified on 25th of September, 2026 ලෙස සටහන් කර ඇති බවත්, ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් වන පිටපතට කතානායකවරයා සහතික කර ඇති බව දැක්වීම වැරදිවන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාව, 79, 83 සහ 80 වන ව්‍යවස්ථා යටතේ පාර්ලිමේන්තුව විසින් නීති ලෙස පනවන්නේ කතානායකවරයා සහතික කරන්නේ සිංහල සහ දෙමළ භාෂාවෙන් ඇති පනත්වලට පමණක් බවත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පරිවර්තනයට සහතිකය යෙදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට නොහැකි බවත් පැමිණිල්ලේ දක්වා ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2026.10.03)

Comments
Post a Comment