Skip to main content

Posts

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...!

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.15) arunaunawatuna@gmail.com අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමෙ නව ප්‍රවණතාවය අධිකරණ ඇමති රටටම උගන්වමින් සිටින අවස්ථාවක 19-20 සංශෝධන, අධිකරණ ඇමති, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව පිළිබද මේ කෙටි සටහන තබමි. ඇමතිවරු තමන්ගේ පුද්ගලික විශ්වාස ක්‍රියාත්මක කිරීමට ඇමති ධූර භාවිත කරමින් සිටින අතර වෙනත් දේ මෙන්ම ඇමතිවරුන්ගේ සාමූහිකව වගකීමද නීතියට සීමා වී ඇත. 19 යේදී 2/3 න් කළ සංශෝධන නැවත ප්‍රතිසංශෝධනය කරන්න 20 න් බැරි වීම ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. 2015 දී 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,35,70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 න් සංශෝධනය කරගත් බවත් එකී සංශෝධන 2020 දී පාර්ලිමේන්තුවට ප්‍රතිසංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිහඩය. ගෝඨාභය ජනාධිපති 2/3 න් කරගන්න බලාපොරොත්තු වූ 20 ඒ අකාරයෙන් 2/3 න් කරගන්න බැරි වුණේ ඇයි කියා විමසන්න කෙනෙක් හොයා ගන්නනට නැත. (76.1 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිකර දි ඇති ව්‍යවස්ථාදායක බලය 2020...

2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...!

2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...! කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නිකුත් කර තිබියදී බ්‍රැන්ඩික්ස් සහ බොඩිලයින් කර්මාන්ත ආශ්‍රිතව නැවතත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වී ඒ ආශ්‍රිතව පොලිස් වසම් කිහිපයක් 2020.11.09 දින සිට හුදකලා කර ඇති බවත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම කම්කරු දෙපාර්තමේන්තුව සිය කම්කරු නීති සහ වෙනත් නීති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමද කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නොතකා සිටීමද හේතුවෙන් සිදුවී ඇති බවත්, ඒ හේතුවෙන් එකී ආයතන සිය සමාජ යුතුකම ඉටු නොකර ක්‍රියා කිරීමෙන් සහ නොසැළකිල්ලෙන් / අනවධානයෙන් ක්‍රියා කිරීමෙන් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම සිදු වී ජනජීවිතය අඩාල කර මනුශ්‍ය ජීවිත අන්තරායකර තත්ත්වයට පත්කර ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කර ගැනීමට බාධා කර / මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස ක්‍රියාකර වැරදි සිදුකර ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර 2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ජනතාවට ...

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....!

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com 2020.11.03 ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, " 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා සොයා බලන්න...!" 2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා ඔබගේ නීති විශාරදයන් වෙතින් විමසීම් කරන ලෙසත්, සහ 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව දැනුවත් කිරීමට මෙම ලිපිය ලියමි. ඔබතුමා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ගෙන යාමට ක්‍රියා කරන ලද්දේ එහි ජනමතවිචාරණයකට යා යුතු කිසිම සංශෝධනයක් ඇති බවට වන පදනමෙන් නොවේ. විශේෂයෙන් ...

20න් 2015 දී පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් බව එළිදරව්වෙන නිසාද?

20න් 2015 දී පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් බව එළිදරව්වෙන නිසාද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.02) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් යොදා ඇති බව වාර්තා වී ඇත. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා සහතිකය යෙදිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාවේ සහ 76 වන ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කරමින් නොවිය යුතුය. මෙම ලිපිය පදනම් වන්නේ 20න් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් නිසාද? යන්න පිළිබදව හෙයින් 76.1 ව්‍යවස්ථාව ඇසුරෙන් ලිවීමට ලිපිය සීමා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය වෙනස් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ වාක්‍ය 3ක් ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7...

20 සමග ඇති අනතුරු 4 හදුනාගෙන විධිමත්ව සහ ව්‍යවස්ථානූකූලව ඒවා විසදා ගැනීමට කටයුතු නොකළහොත් රට වැටෙන්නේ 1815 උඩරට ගිවිසුමටත් වඩා හිරවෙන උගුලකටය.

20 සමග ඇති අනතුරු 4 හදුනාගෙන විධිමත්ව සහ ව්‍යවස්ථානූකූලව ඒවා විසදා ගැනීමට කටයුතු නොකළහොත් රට වැටෙන්නේ 1815 උඩරට ගිවිසුමටත් වඩා හිරවෙන උගුලකටය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.01) අද ලංකාවේ සෞඛ්‍යය අනතුරක් ඇත. ඒ කෝවිඩ් 19 අනතුරයි. මුල් වරට කෝවිඩ් 19 අනතුර 2020 පෙබරවාරිවලදී පැමිණි සමයේ රටේම ඇදිරි නීතිය දමා මැනවින් එය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය සමත් විය. මුල් වරට පැමිණි කෝවිඩ් 19 අනතුර පාලනය කිරීමත් සමග රට යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අතර රටේ ජනතාව සිය එදිනෙදා ජීවිතය සුපුරුදු පරිදි ගෙන යාම ආරම්භ කරනු ලැබීය. ඒ සමගම විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණද පවත්වනු ලැබූ අතර රජය විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද පාර්ලිමේන්තුවට ගෙනවිත් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරගත් බව වාර්තා වී ඇත. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් වීමත් සමගම කෝවිඩ් -19 දෙවන රැල්ලක් පටන් ගත්තේය. කෝවිඩ් -19 දෙවන රැල්ල හේතුවෙන් අගනුවර නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබියදී වුවත්, මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍ය...

මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද?

(මෙම ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කරන්න) මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.30) ජුලියස් සීසර්ව ඝාතනය කරන ලද්දේ ඔහු අසළම සිටි අයයි. බෲටස් විසින් එය කළ බව පෙන්නුම් කිරීම ෂේක්ස්පියර් දැක්වීමට උත්සාහ කළ අතර මෙම ඝාතනය ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් විසින් සැළසුම් කළ බවද එක්තරා කතාවකි. මේ ලියුම්කරු ඒ කතාව ලිපිය ආරම්භයේදී ම දක්වන ලද්දේ මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගැනීමට නොහැකිවීම යටගහන අය කරන්නේ එදා සීසර්ට ඔහුගේ සෙනට් සභිකකයන් කළ දේම වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද අත්වී ඇති බව පෙන්වා දීම පහසු වන හෙයිනි. ජනාධිපතිවරයස් අසළ ඉන්නා බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? යන්න මෙම ලිපිය කියවීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම ලිපියෙන් සාක...

19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද?

19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.29) අධිකරණයේ ස්වාධීනත්වය යන්නට විවිධ අර්ථකථන තිබේ. ඉන් වඩා වැදගත් වන්නේ ජනතාව යුක්තිය පසිදලන යාන්ත්‍රණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දක්වන පිළිගැනීමයි. අධිකරණයේ නඩු කියන තැනැත්තා තරම් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිවහැකි වෙනත් තැනැත්තෙක් නැත. විනිසුරුවරයාගේ පක්ෂපාතීත්වය හෝ අපක්ෂපාතීත්වය හෝ තමා කියන කරුණු වලට ඇහුම්කන් දෙන්නේද? නොදෙන්නේද? යන්න හෝ නීතිය සහ පෞද්ගලික බැදීම අතර ඇති ගැටීම ගැන හොදින්ම දන්නේ නඩු කටයුතු සදහා අධිකරණයට පිවිසෙන අය සහ ඒ දෙස බලා සිටින නීතිඥවරු සහ ජනතාවයි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමග පැවති රජයේ ප්‍රධානීන්ට නඩු පිට නඩු වැටුණේය. වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, හිටපු ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් පැවති නඩු කටයුතු පිළිබදව ජනතාවට රහසක් නොවේ. වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස හෝ දූෂණ පරීක්ෂණ කොමිසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස...