ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න... නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් ජනතාවට ඉල්ලීමක්.... ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524) දුරකථන 0342256066, 0342256067, 0712063394. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්‍යාලය, කොළඹ 01. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම. නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ...! යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව භාෂාව මත වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතුය. රටේ පාලන ආයතන 3 අතරින් විධායකය විසින් ගනු ලබන තීරණත්, ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණත් රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂ...